සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය විසින් තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම (2026-2030) සඳහා වන නිර්දේශ ආරක්‍ෂක ලේකම්වරයා වෙත භාර දෙයි
අගෝස්තු 06, 2025ශ්‍රී ලංකාවේ තැනැත්තන් වෙළෙඳාම නිරීක්‍ෂණය කිරීම සහ මැඩපැවැත්වීම සඳහා වන ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම (2026-2030) සඳහා වන නව නිර්දේශ, සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකාව හා මාලදිවයිනේ ප්‍රධානී Kristin B. Parco මහත්මිය විසින් නිල වශයෙන් තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ සභාපති සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) වෙත අගෝස්තු මස 05 වන දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී භාර දෙන ලදි.
මෙම හමුව සඳහා තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ නිලධාරී කමිටුවේ ප්‍රධානී, සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ ආරක්‍ෂක ඒකකයේ ප්‍රධානී වන Minoli P. Don මහත්මිය සහ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ අභ්‍යන්තර කමිටුවේ සාමාජිකයින් සහභාගී විය.
මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන්ම තැනැත්තන් වෙළෙඳාමට එරෙහිව සටන් කිරීම සඳහා වන ජාතික ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු වූ අතර, දෙපාර්ශවයම අඛණ්ඩ සහයෝගීතාවය සඳහා එකඟතාවය අවධාරණය කරන ලදි. තවද, 2026 සිට 2030 දක්වා කාලසීමාව ඇතුළත ජාතික වශයෙන් වන ප්‍රමුඛතා හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව තැනැත්තන් වෙළෙඳාමට එරෙහිව ක්‍රියාත්මක විය යුතු උපායමාර්ගික ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට සහ ඒවා වඩාත් ශක්තිමත් කිරීමට ඉදිරිපත් කරන ලද නව නිර්දේශ සාර්ථකව දායක කරගැනීමටත් කතිකා කරගන්නා ලදි.