යුද්ධ හමුදා භටපිරිස් මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ අවට ප්‍රදේශය
පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර සාර්ථකව නිම කරයි
අගෝස්තු 15, 2025
ආරක්‍ෂක අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ උපදෙස් මත සිදුකරන ලද මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ අවට ප්‍රදේශයේ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු බ්‍රිගේඩියර් සී.ඩී වික්‍රමනායක WWV RSP ndc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ සාර්ථකව නිම කරනු ලැබීය.
මෙම ජාත්‍යන්තර ගුවන්තොටුපළ මෙරට ජාතික වත්කමක් වන බැවින් මුළු රටේම ප්‍රයෝජනය සඳහා උපායමාර්ගික දේපළ සංරක්‍ෂණය කිරීම සහ වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ජාතික මෙහෙවරක් ලෙස මෙම ගුවන්තොටුපළ පරිශ්‍රය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි.
2025 ජුනි මස 09 දින ආරම්භ කර 2025 අගෝස්තු මස 07 දින අවසන් කරන ලද මෙම ව්‍යාපෘතිය 6 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ නිලධාරින් සහ යන්ත්‍ර ක්‍රියාකරුවන්ගේ සහභාගිත්වයෙන් යුද්ධ හමුදා ඉංජිනේරු බලකායට අයත් රථ වාහන භාවිතා කරමින් සිදුකරනු ලැබීය.
මෙහි පළමු අදියරේදී ගුවන්තොටුපළ පරිශ්‍රයේ හෙක්ටයාර 78.8 ක භූමි ප්‍රදේශයක් පිරිසිදු කරන ලදි.
අනුග්‍රහය - www.army.lk