ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි
අගෝස්තු 19, 2025ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය Satyanjal Pandey අද (අගෝ. 19) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
මෙම හමුවට ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සමඟ ඉන්දීය ආරක්‍ෂක උපදේශක, කපිතාන් Anand Mukundan සහ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් Mandeep Singh Negi ද එක්ව සිටියහ.
ආරක්‍ෂක ලේකම්වරයා විසින් ඉන්දීය දූත පිරිස ඉතා උණුසුම්ව පිලිගැනීමෙන් අනතුරුව අන්‍යෝන්‍ය සහ ද්විපාර්ශ්වික වශයෙන් වැදගත්කමක් ඇති කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත විය.
මෙම හමුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කළේය.