චීන මහජන ප්‍රතිරෝධ යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය සමරයි
අගෝස්තු 21, 2025විදේශ ආක්‍රමණයට එරෙහි චීන මහජන ප්‍රතිරෝධ යුද ජයග්‍රහණයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය ඊයේ (අගෝ 20) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්‍ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා සහභාගි වූ අතර, නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද මෙම උත්සවයට එක් වුහ.
උත්සව සභාව ආමන්ත්‍රනය කල, ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති ගරු Qi Zhenhong මහතා දශක අටකට පෙර ෆැසිස්ට්වාදයට විරුද්ධ වූවන්ගේ කැපකිරීම් පිළිබඳ සිහිපත් කළ අතර, අනාගත පරම්පරාවන් සඳහා සාමය ආරක්‍ෂා කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.
මෙම උත්සවය ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ඓතිහාසික මිත්‍රත්වය සහ ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පිළිබිඹු කල අවස්ථාවක් වූ අතර, හිටපු ජනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්, සේවයේ නියුතු හා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුහ.