ඇල්ල ප්‍රදේශයේ සිදු වූ අනතුරෙන් විපතට පත් වූවන් මුදා ගැනීමේ
මෙහෙයුම් සඳහා ආරක්‍ෂක අංශ වල සහාය                         
                        
                          සැප්තැම්බර් 05, 2025                            
                        
                    ඊයේ (සැප් : 04) දින රාත්‍රියේ ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 23 වන හා 24 වන කිලෝමීටර් කණු අතර ප්‍රදේශයේදී තංගල්ල නගර සභා සේවකයින් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරට ලක්විය.
දැනට ලැබී ඇති තොරතුරු අනුව බස් රථයේ මගීන් 30 කට ආසන්න පිරිසක් සිට ඇති බව වාර්තා වේ. මේ වන විට මරණ සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇති අතර, මුදාගනු ලැබූ අනෙක් පුද්ගලයන් බදුල්ල ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව ගලවා ගැනීමේ මෙහෙයුම් සහ අතුරුදහන් වූවන් සෙවීම සඳහා අඛණ්ඩව සිදු කරමින් සිටී. ශ්‍රී ලංකා ගුවන් හමුදාව රෝගීන් කොළඹට ගුවන් මගින් රැගෙන යාම හෝ අවශ්‍ය ඕනෑම ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වීමේ අරමුණින් එම් අයි - 17 සහ බෙල් 412 හෙලිකොප්ටර් යානා සූදානම් කොට තිබේ.
විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ප්‍රදේශවාසීන්, හදිසි ආපදා සේවා කණ්ඩායම් සහ රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු බොහෝ දෙනෙකුගේ සහයෝගය ලැබී තිබිණ.
රට තුල ඇති වන ඕනෑම හදිසි අවස්ථාවකදී ක්‍ෂණිකව ක්‍රියාත්මක වෙමින් අවශ්‍ය සහාය ලබා දී විපතට පත් වූ ජනතාව ඉන් මුදා ගැනීමට ආරක්‍ෂක අමාත්‍යාංශය නිරන්තරයෙන් කැපවී ක්‍රියා කරනු ලබයි.