ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා නාරාහේන්පිට
යුද හමුදා රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවක
සැප්තැම්බර් 09, 2025
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) පසුගියදා (සැප් 03) නාරාහේන්පිට යුද හමුදා රෝහලේ නිල සංචාරයක නිරත වු අතර, එම ස්ථානයට පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයාව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
මෙම සංචාරය සේවය නියුතු යුද හමුදා නිලධාරීන්ට හා සෙසු නිලයන්ට, විශ්‍රාමික රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා සපයනු ලබන සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සඳහා රජයේ කැපවීම අවධාරණය කෙරුණු අතර, රෝහලේ වත්මන් තත්ත්වය, එහි දිගුකාලීන දැක්ම සහ වෛද්‍ය පහසුකම් සහ සේවාවන් දියුණු කිරීම ඇතුළු ප්‍රධාන කාරණා අරමුණු කරගත් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
යුද හමුදා රෝහලේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සංජීව දොඩන්ගොඩ විසින් රෝහලේ අඛණ්ඩ මුලපිරීම්, වත්මන් මෙහෙයුම් හැකියාවන් සහ නැගී එන සෞඛ්‍ය සේවා ඉල්ලීම් සපුරාලීම සඳහා අනාගත ව්‍යාප්තිය සඳහා වන සැලසුම් ඉස්මතු කරමින් සවිස්තරාත්මක විස්තරයක් පවත්වන ලදී.
නියෝජ්‍ය අමාත්‍යවරයා රෝහලේ කාර්ය මණ්ඩලයට ප්‍රශංසා කළ අතර හමුදා සාමාජිකයින්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා ඔවුන් ඉටු කරන වැදගත් කාර්යභාරය අගය කළේය. තවදුරටත් ඔහු සේවා සැපයීමේ ඉහළ ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා සෞඛ්‍ය සේවා යටිතල පහසුකම්, වෛද්‍ය තාක්‍ෂණය සහ වෘත්තීය පුහුණුව අඛණ්ඩව වැඩිදියුණු කිරීමේ වැදගත්කම ද, අවධාරණය කළේය.
මෙම සංචාරයෙන් වැඩිදියුණු කළ සෞඛ්‍ය සේවා පහසුකම් සහ තිරසාර සංවර්ධනය සඳහා උපායමාර්ගික සැලසුම්කරණය තුළින් හමුදා නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය ඉහළ නැංවීම කෙරෙහි ආරක්‍ෂක අමාත්‍යාංශයේ අඛණ්ඩ උත්සාහය පිළිබිඹු වේ.