ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට සංකේතාත්මක
පොපි මල් පැළඳවීම සිදුකරයි
සැප්තැම්බර් 19, 2025
පළමු ලෝක සංග්‍රාමයේ දී රාජකාරීන්හි යෙදී සිටියදී මියගිය පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සන්නද්ධ හමුදා සාමාජිකයන් අනුස්මරණය කිරීම සඳහා සමරනු ලබන පොපි දිනය සංකේතවත් කරමින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර(විශ්‍රාමික) හට සංකේතාත්මකව පොපි මලක් පැළඳවීම ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරල් LM මුදලිගේ (විශ්‍රාමික) විසින් අද (සැප් 19) සිදුකරන ලදි.
මේජර් ජෙනරල් මුදලිගේ ප්‍රමුඛ සේවාමුක්ත භට සංගමයේ නියෝජිත පිරිසක් අද පෙරවරුවේ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයට පැමිණ ඔහු වෙත පොපි මල පැළඳවීම සිදුකරන ලදි.
මෙම හමුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා සේවාමුක්ත භට සංගමයේ නියෝජිත පිරිස සමඟ සුහද කතාබහක ද නිරත විය.
මියගිය රණවිරුවන් සැමරීම සඳහා සේවාමුක්ත භට සංගමය වාර්ෂිකව මෙම පොපි මල් දිනය සංවිධානය කරයි.