ආපදා කළමනාකරණ අංශයේ 2025 වසරේ දෙවන කාර්තුවට අදාළ කාර්තු පාදක ඒකාබද්ධ ප්‍රගති සමාලෝචන රැස්වීම ආරක්‍ෂක අමාත්‍යාංශයේදි පැවැත්විණි

සැප්තැම්බර් 30, 2025

2025 වසරේ දෙවන කාර්තුවට අදාළ ආපදා කළමනාකරණ අංශයේ කාර්තු පාදක ඒකාබද්ධ ප්‍රගති සමාලෝචන රැස්වීම ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ සහ ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්‍ෂ ජනරාල් එස්.එස්. මුදලිගේ මහතාගේ සම සභාපතීත්වයෙන් අද (සැප්තැම්බර් 30) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක රජයේ වැඩසටහන් සහ ව්‍යාපෘතිවල 2025.08.31 දිනට ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ අභියෝග තක්සේරු කිරීම සහ එම අභියෝග වලට සාර්ථකව මුහුණ දීම සඳහා අවශ්‍ය උපාය මාර්ග සකස් කිරීම මෙහි අරමුණ විය.

මෙම අවස්ථාවට ජනාධිපති අතිරේක ලේකම් (සංවර්ධන) - එන්.එස්. වනසිංහ මහතා සහභාගී වුහ. තවද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්‍ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන නියෝජනය කරන නිලධාරීන් සහ  ස්ථායිකරණ කරන ක්‍රමෙව්ද මගින් නායයෑම් අවදානම් අවම කිරීමේ ව්‍යාපෘතියේ (RLVMMP) මෙන්ම, ආපදා කළමනාකරණ අංශෙය් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වුහ.

රජයේ ඉලක්කගත අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා ආපදා කළමනාකරණ මෙහෙයුම් කාර්යයන් විමධ්‍යගත කිරීමටත්, රජයේ අනෙකුත් අමාත්‍යාංශ අතර සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීමටත්, ඵලදායී වැඩසටහන් සමාලෝචනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ රාජ්‍ය මට්ටම්වලින් යෙදවුම් ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සංවර්ධනය කිරීම සඳහාත් ආරක්‍ෂක අමාත්‍යාංශය නිරන්තරයෙන් කැපවී ක්‍රියා කරනු ලබයි.