ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය “ලෝක ළමා දිනය” සැමරීම නිමිති කරගෙන තැලසීමියා රෝගී දරුවන් සඳහා විශේෂ චාරිකාවක් සංවිධානය කරයි
ඔක්තෝම්බර් 05, 2025"ලෝක ළමා දිනය" සැමරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය අද (ඔක්තෝබර් 5) අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ තැලසීමියා රෝගී වාට්ටුවේ ප්‍රතිකාර ලබන ළමුන් සඳහා විශේෂ චාරිකාවක් සංවිධානය කළේය.
ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි, වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද මෙම වැඩසටහනේ මූලික අරමුණ වූයේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ගේ සංස්කෘතික හා අධ්‍යාපනික අත්දැකීම් පුළුල් කරමින් ඔවුන්ගේ ජීවිතවලට සතුට හා ආශ්වාදයක් ගෙන ඒමයි.
දවස පුරා පැවති මෙම සංචාරයේදී මහනුවර ඉටි කෞතුකාගාරය, පූජනීය ශ්‍රී දළදා මාලිගාව, හන්තාන කුරුළු උද්‍යානය සහ ලංකා තේ කෞතුකාගාරය ඇතුළු ඓතිහාසික හා සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථාන නැරඹීමට දරුවන්ට අවස්ථාව ලැබුණි.
මෙම සංචාර ශ්‍රී ලංකාවේ උරුමය සහ ස්වභාවික සුන්දරත්වය පිළිබඳ දරුවන්ගේ දැනුම වර්ධනය කළා පමණක් නොව, රෝහල් පරිසරයෙන් ඔබ්බට ගිය ආදරණීය මතකයන් ද, නිර්මාණය කළේය.
මෙම වැඩසටහන මගින්, ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය, අවශ්‍යතා ඇති දරුවන්ට සහ පවුල්වලට ලබාදෙන සහයෝගය, රැකවරණය සහ දිරිගැන්වීම් ලබාදෙන සුභසාධන මුලපිරීම්වල අඛණ්ඩව නිරත වන බවත්, සමාජ වගකීම සහ ප්‍රජා සේවය සඳහා ඇති කැපවීම නැවත තහවුරු කරයි.