ආරක්‍ෂක ලේකම්වරයා රණවිරුවන්ගේ සුබසාධනය සඳහා වන
“මහජන දින” වැඩසටහනේ මුලසුන දරයි
ඔක්තෝම්බර් 14, 2025
විශ්‍රාමික රණවිරුවන්ගේ සහ දිවි පිදූ වීරවරුන්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ නොසැලෙන කැපවීම යලි යළිත් තහවුරු කරමින්, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (ඔක්තෝබර් 14) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී "මහජන දින" වැඩසටහනක් පවත්වන ලදි.
මෙම මහජන දින වැඩසටහන, විශ්‍රාමික හා ආබාධිත රණවිරුවන් මෙන්ම, දිවි පිදූ වීරවරුන්ගේ පවුල්වල සාමාජිකයන් මුහුණ දෙන දුක්ගැනවිලි සහ ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින්, ඔවුන්ට සහන සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක සුවිශේෂී වැඩසටහනක් ලෙස සංවිධානය වේ.
ආරක්‍ෂක ලේකම්වරයා සහභාගී වූවන්ගේ ගැටලුවලට සාවදානව සවන් දුන් අතර, ඔවුන් මතු කරන ලද ගැටලු කඩිනමින් විසඳීම සඳහා අවශ්‍ය උපදෙස් නිලධාරීන්ට ලබා දුන්නේය. එමෙන්ම, ඔවුනගේ පාලන කටයුතු කාර්යක්‍ෂමව ක්‍රියාවට නැංවීමේ වැදගත්කම ද, අවධාරණය කළේය.
මෙම වැඩසටහන මගින් රට දැය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සහ රණක්‍ෂිතයට පත් වීරෝදාර රණවිරුවන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය දක්වන ස්ථිර කැපවීම මනාව අවධාරණය කෙරේ.