ආරක්‍ෂක සයිබර් විධානය රාජ්‍ය ආයතන සඳහා සයිබර් ආරක්‍ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි
ඔක්තෝම්බර් 16, 2025ආරක්‍ෂක සයිබර් විධානය විසින් මහජන ආරක්‍ෂාව, පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සහ අනුබද්ධ දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහා සයිබර් ආරක්‍ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (ඔක්තෝබර් 15) දින බත්තරමුල්ල “සුහුරුපාය” හිදී පවත්වන ලදි.
රාජ්‍ය ආයතන හරහා අඛණ්ඩතාව, වගවීම සහ ආරක්‍ෂිත ඩිජිටල් භාවිතයන් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් රජයේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව, ආරක්‍ෂක ලේකම්වරයාගේ සහ ජාතික බුද්ධි ප්‍රධානියාගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.
ආරක්‍ෂක සයිබර් විධාන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ධම්මික විදානලාගේ, කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී දර්ශන මුතුගල, අංශ ප්‍රධානී ලුතිනන් කර්නල් බණ්ඩාර හේරත්, නීති නිලධාරී මේජර් සදුන් ගුණවර්ධන, සයිබර් ආරක්‍ෂක ඉංජිනේරු ලුතිනන් කමාන්ඩර් මේෂේක් හේවාවසම් ඇතුළු ආරක්‍ෂක අමාත්‍යාංශයේ සයිබර් විධානයේ නියෝජිතයින් සහ තවත් බොහෝ පිරිසක් මෙම වැඩසටහන මෙහෙයවූහ.
මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය, පාර්ලිමේන්තු කටයුතු දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය, රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව, දේශසීමා අවදානම් තක්සේරු මධ්‍යස්ථානය (BRAC), ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය (INSS), ශ්‍රී ලංකා පොලිසිය (පොලිස් මාධ්‍ය, පොලිස් නිෂ්කාශන අංශය සහ 118 වන සේනාංකය ඇතුළුව) යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ තොරතුරු තාක්‍ෂණ නිලධාරීන් සහ ශ්‍රී ලංකා හමුදාවේ ආරක්‍ෂක හා ඉංජිනේරු සේවා ශාඛාවේ නිලධාරීන් මෙම වැඩසටහනට සහභාගී වූහ.
දැනුවත් කිරීමේ සැසියේදී නැගී එන සයිබර් තර්ජන, වැළැක්වීමේ පියවර සහ සයිබර් ආරක්‍ෂණයේ හොඳම භාවිතයන් පිළිබඳ සජීවී නිරූපණ ඇතුළුව න්‍යායාත්මක සහ ප්‍රායෝගික යන දෙඅංශයම ඇතුළත් විය. තීරණාත්මක ජාතික තොරතුරු යටිතල පහසුකම් (CNII) ආරක්‍ෂා කිරීමේදී සයිබර් ආරක්‍ෂාව, ආරක්‍ෂිත තොරතුරු කළමනාකරණය සහ අන්තර් ආයතන සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම මෙම වැඩසටහන මගින් ඉස්මතු කරන ලදි.
රාජ්‍ය අංශයේ සයිබර් ආරක්‍ෂණ තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා ආරක්‍ෂක සයිබර් විධානය රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු හරහා මුලපිරීම් අඛණ්ඩව සිදුකරමින්, ආරක්‍ෂිත සහ ඩිජිටල් ලෙස බල ගැන්වූ ශ්‍රී ලංකාවක් පිළිබඳ ජාතික දැක්මට සහාය වේ.