ආරක්‍ෂක ලේකම්වරයා කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වේ
ඔක්තෝම්බර් 17, 202536 වන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහභාගී විය. මෙම උත්සවය ඊයේ (ඔක්තෝබර් 16) සවස මොරටුවේ Ramadia Grand හෝටලයේදී පැවැත්විණි.
උපාධි ප්‍රදානෝත්සවයෙන් පසුව පවත්වන ලද මෙම රාත්‍රී භෝජන සංග්‍රහය විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සව මාලාවේ අවසානය සනිටුහන් කළේය. මෙම අවස්ථාවට පැමිණි ආරක්‍ෂක ලේකම්වරයා, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
මෙම අවස්ථාවට කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රාමික), විශ්වවිද්‍යාල ප්‍රධානීන්, ජ්‍යෙෂ්ඨ අධ්‍යයන හා අනධ්‍යයන විශ්වවිද්‍යාල නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ උපාධිධාරීන් සහභාගී විය. මෙම සන්ධ්‍යාව කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගේ අධ්‍යයන ජයග්‍රහණ සැමරීමට සහ විශ්වවිද්‍යාලය ජාතියට දක්වන අඛණ්ඩ දායකත්වය අගය කිරීමට අවස්ථාවක් විය.