නික්ම යන “ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ” අධ්‍යක්‍ෂ ජනරාල් ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි
නොවැම්බර් 04, 2025ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ (CDRD) අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් නික්ම යන කොමදෝරු ජානක ගුණසීල, ඊයේ (ඔක්තෝබර් 3) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී , ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
එම හමුව අතරතුර, ආරක්‍ෂක ලේකම්වරයා සහ නික්ම යන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඉතා සුහද කතාබහක නිරත විය. එහිදී, ආරක්‍ෂක ලේකම්වරයා විසින් ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය වෙනුවෙන් කොමදෝරු ගුණසීල දැක්වූ විශිෂ්ට සේවය සහ නොමසුරු දායකත්වය අගය කරමින් සිය අවංක කෘතඥතාව පිරිනමන ලදී. එමෙන්ම, කොමදෝරු ගුණසීල ගේ අනාගත කටයුතු සියල්ලටම උණුසුම් සුබ පැතුම් එක් කිරීමට ද, ආරක්‍ෂක ලේකම්වරයා කටයුතු කළේය.