ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මහජන දිනයේදී විශ්‍රාමික, රණක්‍ෂිතයට පත් හා රටදැය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සුභසාධනය පිළිබඳ සොයා බලයි
නොවැම්බර් 04, 2025විශ්‍රාමික හා රණක්‍ෂිතයට පත් රණවිරුවන් මෙන්ම රටදැය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් මුහුණ දෙන ගැටළු නිරාකරණයට හා ඔවුන්ගේ පරිපාලන කටයුතු පිළිබඳ සොයාබැලීම වෙනුවෙන් සිදු කරනු ලබන මහජන දිනය වැඩසටහන් දෙකක් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර(විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (නොවැම්බර් 03) දින කොළඹ සහ කෑගල්ලේ දී පැවැත්විණ.
නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මහජන දින හමුවලදී රණවිරුවන්ගේ හා දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල අවශ්‍යතා සහ ගැටළුවලට විසඳුම් සෙවීම කෙරෙහි ආරක්‍ෂක අමාත්‍යාංශයේ කැපවීම තවදුරටත් පිළිබිඹු කරනු ලැබිය. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා රණවිරුවන්ගේ සහ ජීවිත පුදකල රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ පවතින ගැටළු පිළිබඳ පෞද්ගලිකව සොයාබැලීමටත්, ඉදිරිපත් වූ පරිපාලන ගැටළු කඩිනමින් විසඳාලීමට සහ සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම පිළිබඳ අවශ්‍ය උපදෙස් අදාළ බලධාරීන් වෙත ලබාදීමද, සිදු කරන ලදි.
මහජන දින සේවාවන් ඔස්සේ රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල යහපැවැත්ම සහ ජීවන තත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් පැවති අතර, එය අපගේ රණවිරුවන් ජාතියට සිදුකළ අතිමහත් සේවය සහ කැපකිරීම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය දක්වන අඛණ්ඩ කැපවීම මනාව පෙන්නුම් කළ සුවිශේෂි අවස්ථාවක් විය.