අකුරැස්ස - සියඹලාගොඩ මාර්ගය ජලයෙන් යටවීමෙන් ආපදාවට පත් උසස් පෙළ විභාගයට පෙනී සිටින පාසල් සිසුන් සහ මහජනතාවට සහාය වීම සඳහා
යුද්ධ හමුදා සහාය
නොවැම්බර් 22, 2025
අද (නොවැම්බර් 22) පනස්ගම ප්‍රදේශයේ අකුරැස්ස - සියඹලාගොඩ මාර්ගයේ මීටර් 200 ක පමණ කොටසක් අඩි 03 ක පමණ ජල මට්ටමකින් යටවීම හේතුවෙන් ආපදාවට පත්ව සිටින ජනතාවට සහාය වීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා 613 වන පාබල බලසේනාවට අයත් 3 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින්, හදිසි සහන සැලසීමේ මෙහෙයුමක් දියත් කර ඇත. ආපදා සහන සේවා සඳහා එක් නිලධාරියෙකු සහ සෙසුනිලයින් 05 දෙනෙකුගෙන් සමන්විත යුද්ධ හමුදා කණ්ඩායමක් එම ස්ථානය වෙත අනුයුක්ත කොට ඇත.
යුද්ධ හමුදා භට පිරිස් විසින් ‘යුනිබෆල්’ හමුදා රථයක් යොදා ගනිමින් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින පාසල් සිසුන්ට සහ සාමාන්‍ය ජනතාවට එම ජලයෙන් යටවූ ප්‍රදේශය හරහා ආරක්‍ෂිතව ගමන් කිරීම සඳහා පහසුකම් සැලසීමට මේ වන විට කටයුතු කරමින් සිටී.