ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා ඉන්දීය නාවික හමුදාවට අයත් “INS Vikrant” ගුවන් යානා ප්‍රවාහන යුධ නෞකාවේ නිරීක්‍ෂණ චාරිකාවක
නොවැම්බර් 26, 2025ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අද (නොවැම්බර් 25) දින කොළඹ වරායේ නැංගුරම්ලා ඇති ඉන්දීය නාවික හමුදාවට අයත් ගුවන් යානා ප්‍රවාහන යුධ නෞකාවක් වන "INS Vikrant" නෞකාවේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූහ.
එහිදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අතිගරු Santosh Jha මැතිතුමා සහ නෞකාවේ අණදෙන නිලධාරී කැප්ටන් Ashok Rao විසින් නෞකාව වෙත පැමිණි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
ඉන් අනතුරුව, නෞකාවේ අණදෙන නිලධාරී විසින් නෞකාව පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදු කළ අතර, ඉන් පසු සම්භාවනීය අමුත්තන් නෞකාවේ නිරීක්‍ෂණ සංචාරයක් සඳහා කැටුව ගියේය.
ඉන්දියාව තුළ දේශීයව නිපදවන ලද මෙම යුධ නෞකාව, එළඹෙන නොවැම්බර් 30 වන ඉරිදා දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නාවික හමුදාවේ 2025 ජාත්‍යන්තර නෞකා සැමරුමට (International Fleet Review 2025) එක්වීම සඳහා මෙරටට පැමිණ තිබේ.
මෙම අවස්ථාවට වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා අමාත්‍ය ගරු වසන්ත සමරසිංහ මැතිතුමා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් ද, සහභාගී වූහ.