“ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය
උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ”
නොවැම්බර් 27, 2025
ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ 4 වන පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය අද (නොවැම්බර් 27) දින ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහභාගී විය.
එහිදී ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් චමිල මුණසිංහ විසින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
දෙස් විදෙස් ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරීන් 41 දෙනෙකු වෙත මෙහිදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වෙතින් උපාධි පිරිනැමීම සිදුකෙරුණු අතර ඉන්දියාව, බංග්ලාදේශය, සෞදි අරාබිය සහ ඕමානය යන රටවල ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 10 දෙනෙකුද ඊට ඇතුලත් වූහ.
ජාතික ආරක්‍ෂක විද්‍යාලය, මෙරට ජාතික ආරක්‍ෂාව සහ උපායමාර්ගික ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයන ක්ෂේත්‍රය සැලකීමේදී, ප්‍රමුඛතම අධ්‍යයන ආයතනය වන අතර මෙරට ත්‍රිවිධ හමුදා නිලධාරීන් වෙත අධ්‍යයන කටයුතු සිදුකෙරෙන උසස්ම හමුදා අධ්‍යාපන පීඨය බවට ද පත්ව තිබේ.
එහිදී රැස්ව සිටි සභාව අමතමින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, සියලු පුරවැසියන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීමට රජය කැපවී සිටින බවත්, එමගින් සමාජ ස්ථාවරත්වය සහ ජාතික විශ්වාසය ශක්තිමත් කරන බවත්ය. තවදුරටත් සෑම ප්‍රජාවකගේම අයිතිවාසිකම් සහතික කිරීමේ සහ සාමකාමී, සියල්ල ඇතුළත්, සහ නීත්‍යානුකූල දේශපාලන ක්‍රියාවලීන් ඔස්සේ ගැටුම් නිරාකරණය කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.
තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ස්ථාවර පාලනයක් තුළ බලය සඳහා තරඟ කිරීම ප්‍රජාතන්ත්‍රවාදීව සහ අවිහිංසාවාදීව කළමනාකරණය කිරීමට හැකි වන බව අවධාරණය කළ අතර, බලහත්කාරකම්වලින් සහ අස්ථාවරත්වයෙන් තොර මෙවන් පරිසරයක් මඟින් දිගුකාලීන සංවර්ධනය සහ උපායමාර්ගික ආරක්‍ෂාව සඳහා ජාතියේ ශක්තිය යොමු කිරීමට ඉඩ සැලසෙන බව ද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ප්‍රතිසංස්කරණ, රාජ්‍ය මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමේ ප්‍රයත්න සහ පරිපාලන ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය ජයසේකර, උපායමාර්ගික දූරදර්ශීභාවය තුළින් විශේෂයෙන් සමුද්‍රීය ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කරමින් මෙම ජයග්‍රහණ ආරක්‍ෂා කළ යුතු බව අවධාරණය කළේය.
මීට අදාළව සිය අත්දැකීම් උපුටා දක්වමින් ඔහු නැවතත් ප්‍රකාශ කළේ, යහපත් පාලන ක්‍රමවේදයක් නොමැතිවීම තුලින් ජාතික ආරක්‍ෂාව සහ ස්ථාවරත්වය දුර්වල කරන බවත්, ජාතිය සුරක්‍ෂිත කිරීම සහ එහි අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ශක්තිමත් පාලනයක් අත්‍යවශ්‍ය වන බවත්ය.
මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, හිටපු හමුදාපතිවරුන්, ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන් ඇතුළු ආරාධිතයින් විශාල පිරිසක් සහභාගී වූහ.