ශ්‍රී ලංකා ප්‍රීමා සමූහ ව්‍යාපාරය ගංවතුරෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 300කට අධික වියළි සලාක පරිත්‍යාග කරයි

දෙසැම්බර් 01, 2025

ගංවතුර සහ නායයෑම් ඇතුළු ආපදා තත්ත්වයන් හේතුවෙන් දිවයින පුරා විපතට පත් ජනතාව වෙත බෙදා හැරීම සඳහා රුපියල් මිලියන 300කට වඩා වටිනා ප්‍රීමා වියළි සලාක තොගයක්, නොවැම්බර් 30 වන දින සවස ප්‍රීමා සමූහ ව්‍යාපාරය විසින් ශ්‍රී ලංකා රජය වෙත පරිත්‍යාග කරන ලදි.

මෙම සුවිශේෂී පරිත්‍යාගය සංකේතාත්මකව භාරගැනීම, ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියාකොන්තා (විශ්‍රාමික) අතින් සිදු වු අතර, වියළි සලාක තොගය නිල වශයෙන් භාරදීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ප්‍රීමා සමූහ ව්‍යාපාරය නියෝජනය කරමින්, Ceylon Agro-Industries Limited හි සාමාන්‍ය අධිකාරී සජිත් ගුණරත්න මහතා සහ Ceylon Grain Elevators හි සාමාන්‍ය අධිකාරී සංජීව පෙරේරා මහතා යන මහත්වරුන්  සහභාගී වූහ.

ආපදාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා රජය දරන ප්‍රයත්නයට පෞද්ගලික අංශය විසින් ලබාදෙන මෙම සුවිශේෂී සහයෝගය, ආපදා කළමනාකරණ කටයුතුවලදී රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර පවතින ශක්තිමත් සහයෝගිතාව තවදුරටත් තහවුරු කරයි.