එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාවට අයත් C-17 යානයක් මඟින් ආපදා සහන කණ්ඩායම් සහ මානුෂීය ආධාර තොගයක් රැගෙන එයි
දෙසැම්බර් 03, 2025එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාවට අයත් C-17 වර්ගයේ ගුවන් යානයක් මඟින් ඊයේ (දෙසැ. 02) දින, ශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක වන ආපදා සහන මෙහෙයුම් සඳහා සහායවීමේ අරමුණින් මානුෂීය ආධාර තොගයක් රැගෙන පැමිණියහ. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ළඟා වූ මෙම සහන සේවා කණ්ඩායම, ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලයේ, ආරක්‍ෂක අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් පිළිගනු ලැබුහ.
76 දෙනෙකුගෙන් සමන්විත එමිරේට් ජාතික මානුෂීය සහන කණ්ඩායමක් සමඟ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ආරක්‍ෂණ කට්ටල සහ කූඩාරම් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රාශියක් මෙම ආධාර තොගයට ඇතුළත් විය. ඒ අනුව, මෙම ආධාර තොගය පීඩාවට පත් ජනතාව අතර බෙදාහැරීම සඳහා මෙරට බලධාරීන් වෙත නිල වශයෙන් භාරදෙන ලදි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් දිවයින පුරා සිදු කෙරෙන සහන සේවා ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන මෙහෙයුම් සඳහා අඛණ්ඩව සහ ස්ථාවර සහාය ලබාදෙන බවට එරට රජය නිලවශයෙන් සහතික කොට තිබේ. මෙම කඩිනම් සහයෝගිතාව ඔස්සේ මානුෂීයභාවය හා ගෝලීය සහයෝගිතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇති කැපවීම යලි තහවුරු කරයි.