ආපදා සහන මෙහෙයුම් වලට සහාය දැක්වීම සඳහා
SLT-MOBITEL සමාගමෙන් පරිත්‍යාගයක්
දෙසැම්බර් 06, 2025
පසුගිය දිනවල මෙරටට බලපෑ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් ජනතාව වෙත සහන සැලසීමේ මෙහෙයුම් සම්බන්ධීකරණය කිරීම සඳහා අඛණ්ඩව හා බාධාවකින් තොරව දුරකථන සම්බන්ධතා පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, SLT-MOBITEL සමාගම විසින් ආරක්‍ෂක අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ත්‍රිවිධ හමුදාව එක්ව දිවයින පුරා ක්‍රියාත්මක කරන සහන සේවා මෙහෙයුම් සඳහා අවශ්‍ය වන අඛණ්ඩ සම්බන්ධතා සහිත සිම් කාඩ්පත් තොගයක් පරිත්‍යාග කරන ලදි.
මෙම සිම් කාඩ්පත් තොගය ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) වෙත ඊයේ (දෙසැ. 05) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී නිල වශයෙන් භාරදෙනු ලැබීය.
ඒ අනුව, මෙම තීරණාත්මක කාලසීමාව තුළ දිවයින පුරා අඛණ්ඩ සම්බන්ධතාවයක් සහතික කිරීම සඳහා, SLT-MOBITEL විසින් නොමිලේ ඇමතුම් සහ ඩේටා පැකේජ හඳුන්වා දී ඇති අතර, ක්‍ෂණික ඇමතුම් අංක '247' ඔස්සේ පැය 24 පුරා ක්‍රියාත්මක උපකාරක සේවාවක් ද ස්ථාපිත කර ඇත.
ආපදා තත්ත්වයෙන් පසු මතු වන සෞඛ්‍ය ගැටලු අවම කරගැනීම සඳහා මෙම සේවාව හරහා උපදේශන සේවා ලබාගත හැකි වීම විශේෂත්වයකි.
එම අවස්ථාවට SLT-MOBITEL සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමණාකරු ලසන්ත ද සිල්වා මහතා ද සහභාගී වූයේය.