“Rebuild Sri Lanka” වැඩසටහනට සහාය වීම සඳහා ලංකා අශෝක්
ලේලන්ඩ් සමාගමෙන් රුපියල් මිලියන 65කට
වඩා වටිනා රථවාහන පරිත්‍යාග කරයි
දෙසැම්බර් 06, 2025
අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රමුඛ රජයේ සංකල්පයකට අනුව, දිවයිනට බලපෑ අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ප්‍රදේශ හා ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා "Rebuild Sri Lanka" වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
ඊට සමගාමීව දිවයින පුරා ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති වලට සහාය වීමේ අරමුණින්, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම රුපියල් මිලියන 65 කට වඩා වැඩි වටිනාකමින් යුතු වාහන 07 ක් රජය වෙත ලබා දීමට කටයුතු කරනු ලැබීය.
අද (දෙසැ.06) දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී මෙම රථවාහන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත භාර දීම සිදු කෙරුණු අතර, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ද මෙම අවස්ථාවට සහභාගි වූයේය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අතිගරු Santosh Jha මැතිතුමා සහ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Umesh Gautam මහතා විසින් මෙම අවස්තාවට සහභාගි වූ ආරාධිත අමුත්තන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
එහිදී, ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය ගරු සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික) වෙත මෙම රථවාහන වලට අදාළ යතුරු සංකේතාත්මකව භාරදෙනු ලැබීය.
ඒ අනුව, අපද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ගාබේජ් කම්පැක්ටර් රථයක්, ආපදාවට ලක්වුවන් රැගෙන යාම සඳහා Dost Troop truck රථයක්, පානීය ජලය ප්‍රවාහනය සඳහා ලීටර් 6600 ක ධාරිතාවක් සහිත වතුර බවුසරයක්, ආපදාවට ලක් වී ඇති වාහන ප්‍රවාහනය සඳහා වාහන දොඹකරයක්, භාණ්ඩ ප්‍රවාහනය හා අනෙකුත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා Dost Lorry රථයක්, ආපදාවට ලක්වී සිටින පුද්ගලයන්ට අවශ්‍ය උපකාර කිරිම සඳහා Dost Van රථයක් සහ ඉදිකිරිම් කටයුතු සඳහා යොදා ගැනීමට Tipper රථයක් පරිත්‍යාග කෙරිණ.
තවද, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ සේවක මහත්ම මහත්මින්ගේ දින 02ක වැටුප වන ලක්‍ෂ 25 ක මුදලක් ද ආපදාවට ලක් වී ඇති ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පරිත්‍යාග කිරීම මෙහිදී සිදු කරනු ලැබීය.
මෙම ස්වාභාවික ව්‍යාසනය හේතුවෙන් ඇති වී තිබෙන අසීරු අවස්ථාවේදී අප රට හැකි ඉක්මනින් යථා තත්වයට පත් කිරිමට අවශ්‍ය උපරිම සහාය දැක්වීමට කැපවී ක්‍රියා කරන බව ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ නිලධාරීන් අවධාරණය කළහ.
මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ නිලධාරීන් සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.