ආපදා තත්ත්වයෙන් පසු සිදු කෙරෙන අත්‍යවශ්‍ය සහන සේවා මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අඛණ්ඩ සහාය
දෙසැම්බර් 10, 2025පසුගිය දින වල දිවයිනට බල පෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ජාතික ආපදා තත්ත්වයෙන් පසු රට යළි යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය අඛණ්ඩ කැපවීම තහවුරු කර සිටි. ඊට අදාළව අත්‍යවශ්‍ය ප්‍රජා සහන සේවා සහ හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමට සහාය වීමේ අරමුණින් දිස්ත්‍රික්ක කිහිපයක ක්‍රියාත්මක විවිධ ක්‍රියාකාරකම් සඳහා යුද්ධ හමුදා භට පිරිස් අනුයුක්ත කොට තිබේ.
ඒ අනුව, ආරක්‍ෂක සේනා - මධ්‍යම යටතේ, අඹගස්දෝව ප්‍රදේශයේ යොදවා ඇති අතර, භට පිරිස් විසින් ප්‍රදේශයේ ජල පිරිපහදු මධ්‍යස්ථානයේ මෙහෙයුම් සඳහා සහාය දක්වමින්, පීඩාවට පත් ජනතාවට බාධාවකින් තොරව පිරිසිදු පානීය ජලය ලබාදිම සහතික කර සිටී. එමෙන්ම, සිල්මියපුර ජල මණ්ඩල සැපයුම් මධ්‍යස්ථානය සඳහා ද සහායක භට පිරිස් යොදවා ඇති අතර, එමගින් අඛණ්ඩ ජල සැපයුම් සේවා පවත්වාගෙන යාම සහ ස්ථාවර කිරීමේ ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම සඳහා සහාය දක්වනු ලබයි.
තවද, ආරක්‍ෂක සේනා - වන්නි යටතේ, යුද්ධ හමුදා කණ්ඩායම් විසින් ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයට සහ ජනතාවගේ ජීවනෝපායන්ට සහාය වන වැදගත් වාරිමාර්ග ව්‍යුහයක් වන කැබිතිගොල්ලෑව-ඇල්ලෑව වැව් බැම්මෙහි හදිසි අලුත්වැඩියා කටයුතු සිදු කරමින් සිටිති.
මේ අතර, ආරක්‍ෂක සේනා - නැගෙනහිර යටතේ ක්‍රියාත්මක හමුදා භට පිරිස් මනම්පිටිය ප්‍රදේශය වෙත අනුයුක්ත කොට ඇති අතර, ඔවුන් හානියට පත්ව ඇති කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට සහාය වෙමින්, මෙම ප්‍රධාන මාර්ගය ඔස්සේ ආරක්‍ෂිත සහ විශ්වාසනීය ලෙස දුම්රිය ප්‍රවාහන කටයුතු කඩිනම් කිරීමට සහාය දක්වනු ලබයි.
තවද, ජලගැලිම් හේතුවෙන් හානියට පත්ව ඇති නීලපොළ ප්‍රදේශයේ මහවැලි ගං ඉවුර, වැඩිදුර ඛාදනය වැළැක්වීම සහ ඉදිරියේදි ඇතිවිය හැකි ගංවතුර අවදානම් වලින් ආරක්‍ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය පියවරක් ලෙස, එම ගං ඉවුරු ශක්තිමත් කොට යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහාද, භට පිරිස් සම්බන්ධ වී සිටිති.
මෙම සම්බන්ධීකරණ ප්‍රයත්නයන් තුළින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ජාතික ආපදා සහන සහ ප්‍රතිසංස්කරණ මෙහෙයුම් සඳහා දක්වන අඛණ්ඩ කැපවීම මෙන්ම, අත්‍යවශ්‍ය සේවා යථා තත්ත්වයට පත් කිරීම තුළින් පීඩාවට පත් ප්‍රදේශ ස්ථාවර කිරීම සඳහා අදාළ රාජ්‍ය ආයතන සමඟ සමීපව සිදු කරන කාර්යභාරය පිළිබිඹු කරයි.