DSCSC අධ්‍යයන කාර්ය මණ්ඩලය වෙත
අධ්‍යනය කටයුතු සඳහා iPad ලබා දෙයි

දෙසැම්බර් 10, 2025

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) කළමනාකරණ මණ්ඩලයේ සභාපති සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික)අද (දෙසැම්බර් 10) ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයට නව iPad 22 ක් නිල වශයෙන් ලබා දෙන ලදි.

ආරක්‍ෂක ලේකම්වරයා DSCSC පාඨමාලා අංක 19 හි දේශනයකට  සහභාගී වෙන අතරතුර මෙම iPad ලබාදීම සිදු විය.

ආරක්‍ෂක ලේකම්වරයා සංකේතාත්මකව අධ්‍යයන අංශයේ ප්‍රධාන උපදේශකයින් තිදෙනාට සහ ජ්‍යෙෂ්ඨ උපදේශකයින්ට පළමු iPad පහ පිළිගැන්වූ අතර, සමස්ථයක් වශයෙන්, මෙම මුලපිරීම යටතේ අධ්‍යයන අංශයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 22 දෙනෙකු වෙත  iPad බෙදා දීම සිදුකරන ලදි.

මෙම තාක්‍ෂණික වැඩිදියුණු කිරීම අධ්‍යක්‍ෂක කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ අධ්‍යයන රාජකාරි ඉටු කිරීමේදී සැලකිය යුතු සහායක් දක්වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඵලදායි කාර්ය සාධනයට දායක වෙමින් ආයතනයේ අධ්‍යාපනයේ ඉහළ ප්‍රමිතීන් පවත්වා ගැනීමටද උපකාරී වනු ඇත.