නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මණ්ඩලයේ නව පත්වීම් ලබන ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

දෙසැම්බර් 12, 2025

නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුලස්ථානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මණ්ඩලයේ නව ආරක්‍ෂක උපදේශක වශයෙන් පත්වීම් ලබන එයාර් කොමඩෝර් අසේල ජයසේකර, අද (දෙසැම්බර් 12) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවී සුහද සාකච්ඡාවක නිරත විය.

එහිදී ආරක්‍ෂක ලේකම්වරයා විසින් සිය කාර්යාලයට පැමිණි එයාර් කොමඩෝර් අසේල ජයසේකර ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, ඉදිරියේදී නව ධුරයේ ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලිය වෙනුවෙන් සිය සුබ පැතුම් එක් කළේය. නිව්යෝර්ක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුලස්ථානයෙහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මණ්ඩලයේ නව ආරක්‍ෂක උපදේශක වශයෙන් ඔහු වෙත පැවරෙන ඉදිරි වගකීම් සහ කටයුතු පිළිබඳව අවධානය යොමු කරමින් මෙම සුහද සාකච්ඡාව සිදු කෙරිණ.