කටාර් රාජ්‍යයේ ජාතික දින සැමරුම් උත්සවය අති උත්කර්ෂවත්
අයුරින් කොළඹ දී සමරයි

දෙසැම්බර් 17, 2025

කටාර් රාජ්‍යයේ ජාතික දිනය වෙනුවෙන් කොළඹ පිහිටි එරට තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවයක් ඊයේ (දෙසැ. 16) දින කොළඹ ITC රත්නදීප හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මැතිතුමා සහභාගි විය.

එමෙන්ම, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ කටාර් රාජ්‍යයේ තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරී Ali bin Salim Al Nuaimi මහතා විසින් රැස්ව සිටි සම්භාවනීය අමුත්තන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබිය.

අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මෙරට පිහිටි විදෙස් තානාපති කාර්යාලවල රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් සහ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු සම්භාවනිය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවය, ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර පවතින සුහද සබඳතා මැනවින් පිළිඹිබු කරන අවස්ථාවක් විය.