Yoo Brands පුද්ගලික සමාගම වෙතින් ආපදා සහන සේවා සඳහා රුපියල් මිලියන
6.7ක වටිනාකමකින් යුත් පාවහන් පරිත්‍යාග කෙරේ
දෙසැම්බර් 18, 2025
ජාතික මට්ටමින් ක්‍රියාත්මක ආපදා සහන මෙහෙයුම් ශක්තිමත් කරමින් සහ පීඩාවට පත් ජනතාවගේ ජීවනෝපාය යළි ගොඩනැගීමට දායක වෙමින්, ‘Yoo Brands’ පුද්ගලික සමාගම විසින් ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත අත්‍යවශ්‍ය පාවහන් තොගයක් පරිත්‍යාග කරනු ලැබිය.
රුපියල් මිලියන 6.7ක වටිනාකමකින් යුත් සපත්තු යුගල 1,000ක් සහ මේස් යුගල 5,000කින් සමන්විත මෙම මානුෂීය පරිත්‍යාගය, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) වෙත අද (දෙසැම්බර් 18) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ‘Yoo Brands’ පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ හේමන්ත පෙරේරා මහතා විසින් නිල වශයෙන් පිළිගන්වනු ලැබිය.
ත්‍රිවිධ හමුදාවේ සක්‍රීය දායකත්වයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය මෙහෙයවනු ලබන ආපදා සහන සහ මානුෂීය මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීම මෙම පරිත්‍යාගයේ මූලික අරමුණ වන අතර, මෙම පාවහන් තොගය විශේෂයෙන්ම ආපදාවලින් පීඩාවට පත් ජනතාවගේ පරිහරණය සඳහා මෙන්ම, සහන සේවා මෙහෙයුම්වල නිරත ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහ සහන සේවකයින්ගේ ප්‍රයෝජනය සඳහා බෙදා දීමට නියමිතය.