පරිත්‍යාගශීලියෙකුගෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය වෙත අවශ්‍යතා සහිත පුද්ගලයෙකු වෙත ලබා දීම සඳහා රෝද පුටුවක් පරිත්‍යාග කරයි

ජනවාරී 12, 2026

ආඩිඅම්බලම ප්‍රදේශයේ පදිංචි පරිත්‍යාගශීලී මහත්මියක වන ක්‍රිස්ටීන් ඕල්රිච් (Christeen Oellrich) මහත්මිය විසින් සිය සමාජ වගකීම පිළිබඳ මහඟු ආදර්ශයක් සපයමින්, අද (ජනවාරි 12) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය වෙත අවශ්‍යතා සහිත පුද්ගලයෙකු වෙත ලබා දීම සඳහා රෝද පුටුවක් පරිත්‍යාග කළාය. ඒ අනුව මෙරට පුරවැසියන් වශයෙන් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් හට සහාය දැක්වීම සඳහා පුද්ගල දායකත්වයන්හි වැදගත්කම ඉස්මතු කරමින් සිදු කෙරුණු මෙම පරිත්‍යාගය, සේවා වනිතා ඒකකය මගින් ක්‍රියාත්මක සුභසාධන වැඩසටහන් ශක්තිමත් කිරීම සඳහා එහි නියෝජිතයන් වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

ඕල්රිච් මහත්මියගේ මෙම නොමසුරු පරිත්‍යාගය පිළිබඳව සේවා වනිතා ඒකකය සිය අවංක කෘතඥතාව පළ කර සිටී. ඇය විසින් ලබා දුන් මෙම රෝද පුටුව වඩාත් සුදුසු පුද්ගලයෙකු වෙත එහි අවශ්‍යතාවය සලකා බලා තම කටයුතු පහසුවෙන් සිදුකර ගැනීම සඳහා ලබාදීමට නියමිතය. මෙවැනි දායකත්වයන් හරහා අඩු වරප්‍රසාද සහිත පුද්ගලයින්ට අත්‍යවශ්‍ය සහාය උපකරණ ලබාදීමේ මෙහෙවර ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය අඛණ්ඩව සිදුකරගෙන යනු ලබයි.