රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් වෙනුවෙන් පැවැති සුහද හමුවකට
ආරක්‍ෂක ලේකම්වරයා සහභාගී වෙයි

පෙබරවාරි 04, 2026

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අද (පෙබරවාරි 04) දින කොළඹ සීනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ සුහද හමුවකට සහභාගී වුයේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මැතිතුමා මෙහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ අතර, මෙම හමුව ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට මහඟු පිටුවහලක් විය.

ශ්‍රී ලංකාවේ 78 වැනි නිදහස් දිනයට සමගාමීව සංවිධානය කරන ලද මෙම උත්සවය, ශ්‍රී ලංකා රජය සහ විදෙස් තානාපති කාර්යාල වල රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව අතර අන්තර් සබඳතා සහ සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් පවත්වන ලදි.