ආරක්‍ෂක ලේකම්වරයා කොළඹ පැවැති ඉරාන ජාතික දින සැමරුම්
උත්සවයට සහභාගී වෙයි
පෙබරවාරි 12, 2026
ඉරාන ඉස්ලාමීය ජනරජයේ විප්ලවීය ජයග්‍රහණයේ 47 වැනි සංවත්සර සැමරුම් උත්සවය ඊයේ (පෙබරවාරි 11) දින කොළඹ ITC Ratnadeepa හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු අතර, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) එහි විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වූයේය.
ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයට පැමිණි ආරාධිත අමුත්තන්, ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අතිගරු ආචාර්ය Alireza Delkhosh මැතිතුමා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
සැමරුම් උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය නලින්ද ජයතිස්ස මැතිතුමා සහභාගී වූයේය.
ශ්‍රී ලංකාව සහ ඉරානය අතර පවතින දිගුකාලීන හා මිත්‍රශීලී සබඳතා මෙම උත්සවය මගින් මනාව සංකේතවත් කරයි.
පාර්ලිමේන්තු අමාත්‍යවරුන්, පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.