ආරක්‍ෂක ලේකම්වරයා කොළඹ පැවැති මාලදිවයින් “Maahefun” උත්සව
අවස්ථාවකට සහභාගී වේ
පෙබරවාරි 16, 2026
ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), ශ්‍රී ලංකාවේ මාලදිවයින් සමූහාණ්ඩුවේ මහ කොමසාරිස් අතිගරු Masood Imad මැතිතුමා විසින් අද (පෙබරවාරි 16) දින සංවිධානය කරන ලද විශේෂ “Maahefun” උත්සවයකට සහභාගී වූයේය.
මාලදිවයින් ජාතික මුස්ලිම් භක්තිකයන් විසින් ශුද්ධ වූ රාමසාන් මාසය ආරම්භ වීමට පෙර පවත්වනු ලබන මෙම සාම්ප්‍රදායික "Maahefun" භෝජන සංග්‍රහය, කොළඹ පිහිටි මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.