ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනිය ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

පෙබරවාරි 17, 2026

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු සමූහාණ්ඩුවේ තානාපතිනී, අතිගරු Dewi Gustina Tobing මැතිණිය, අද (පෙබරවාරි 17) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු වූවාය.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් සිය කාර්යාලයට පැමිණි ඉන්දුනීසියානු තානාපතිනිය ඉතා සුහදශීලීව පිළිගත් අතර, මෙම හමුව ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට උපකාරී විය.

මෙහිදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන පොදු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කළ අතර, මිත්‍රශීලී රාජ්‍යයන් දෙකක් වශයෙන් අඛණ්ඩ සහයෝගීතාව ඉහළ නැංවිය හැකි ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව ද දෙපාර්ශ්වයේ නියෝජිතයන්ගේ අවධානය යොමු විය. ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ උපදේශක, Lailal K. Yuniarti මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවාය.