අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය වෙත ලබා දීම සඳහා පරිත්‍යාග ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය වෙත භාර දෙයි
පෙබරවාරි 25, 2026අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය වෙත ලබා දීම සඳහා අත්‍යවශ්‍ය පරිත්‍යාග ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය වෙත නිල වශයෙන් භාර දීම අද (පෙබරවාරි 25) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.
Trade Promoters Pvt (Ltd) හි සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා සහ Pride of Thurstan ආයතනයේ සභාපති නොයෙල් ජෝසප් මහතා විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මිය වෙත මෙම පරිත්‍යාගය නිල වශයෙන් භාර දෙන ලදි.
මෙම අවස්ථාවට ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද සහභාගී වුයේය.
මෙරට පාසල් පද්ධතිය සහ අනාගත පරපුර සවිබල ගැන්වීමට ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය දරණ අඛණ්ඩ උත්සාහයන් ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙවැනි දායකත්වයන් විශාල පිටුවහලක් වන බවත්, කාලෝචිත අයුරින් ලබා දුන් මෙම සහයෝගය පිළිබඳ පරිත්‍යාගශීලීන් වෙත කෘතඥපූර්වකව ස්තුතිවන්ත වන බවත් වෛද්‍ය පෙරේරා මහත්මිය මෙහිදී ප්‍රකාශ කළාය.
මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, ඉදිරියේදී අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය වෙත භාර දීමට නියමිත අතර, එමඟින් ඉදිරි අධ්‍යයන වර්ෂය සඳහා ඔවුන්ට අවශ්‍ය සම්පත් සපයා දීම සහතික කෙරේ.
ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.