ඕමන්තේ මාරායිඉලුප්පායිකුලම් වැව් බැම්මේ ඇතිවූ කාන්දුව යුද හමුදාව විසින් වළක්වයි

මාර්තු 29, 2021

ජනතාවගේ යහපත උදෙසා හමුදාව සෑම විටම සූදානම් බව පෙන්නුම් කරමින් යුද හමුදා භට පිරිස් විසින් ඕමන්තේ ඉලෙයිමරදන්කුලම් හි මාරයිලුප්පායිකුලම් වැව් බැම්මෙහි පසුගිය දිනක ඇතිවූ ජල කාන්දුවක් නැවැත්වීමට කඩිනමින් පියවර ගන්නා ලදි.

වන්නි ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් පරිදි 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම වැව් බැම්ම අලුත්වැඩියා කරන ලදි.

වව්නියා දිස්ත්‍රික් ලේකම් හා වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මේ සඳහා මැදිහත්ව කටයුතු කල අතර ප්‍රදේශවාසින්ගේ සහායද යුද හමුදාවට ලැබුණි.

මෙම වැව මගින් අක්කර 96 කට අධික ප්‍රමාණයක කුඹුරු සහ එළවළු වගාවන් සඳහා ජලය සපයනු ලැබේ.