යුද හමුදා භටපිරිස් වව්නියාවේ පොදු ස්ථාන විෂබීජහරණය කරයි

අප්‍රේල් 30, 2021

යුද හමුදාවේ 17 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා මෑතකදී වවුනියාව නගරයේ පොදු ස්ථාන විෂබීජහරණය කරන ලදී.

ඒ අනුව, වව්නියාව නගරයේ බස් නැවතුම්පොල, දුම්රිය ස්ථානය, සුභසාධන මධ්‍යස්ථාන, රාජ්‍ය හා පුද්ගලික බැංකු, වෙළඳපොල, ත්‍රිරෝද රථ නැවතුම්පොල ඇතුළු ජනතාව එක්රැස්වන ස්ථාන විෂබීජහරණය කර ඇත.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර සහ 56 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරල් නන්දන දුනුවිලගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ නගර සභා නිලධාරීන් ද මෙම ව්‍යාපෘතිය සඳහා සහය දැක්විය.