රුපියල් මිලියන 39 ක් වටිනා ගංජා තොගයක් නාවික හමුදා භාරයට

මැයි 23, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනය තොණ්ඩමනාරු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලද රුපියල් මිලියන 39ක් වටිනා ගංජා තොගයක් අද (මැයි 23) දින ගිනි තබා විනාශ කරන ලදී.

තොන්ඩමනාරු වෙරළ ප්‍රදේශයේ ඊයේ (මැයි 22) දින සිදු කළ විශේෂ පාමුර සංචාරයේ දී වෙරළේ අතහැර දමා ගොස් තිබූ කේරළ ගංජා කිලෝ 131 ක් ග්‍රෑම් 800 ක පමණ ප්‍රමාණයක් සොයාගෙන ඇත.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව මෙම මෙහෙයුම් සිදුකළ බව නාවික හමුදාව පවසයි.