“යාස්” සුළි කුණාටුව පිළිබඳ අනතුරු ඇඟවේ

මැයි 24, 2021

ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට සුළි කුණාටුවක් (“යාස්”) දක්වා වර්ධනය වී ඇති අතර  මැයි 24 වන දින උදෑසන 05.30 වන විට උතුරු අක්ෂාංශ 16.3 සහ නැගෙනහිර දේශාංශ 89.7 ප්‍රදේශයේ මෙම කුණාටුව  ස්ථානගතව  පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  කාලගුණ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.

එය මැයි 25 වන විට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් ඊළඟ පැය 24 තුල ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වන බවද එහි සඳහන් වේ.

මෙම පද්ධතිය උතුරට බරව වයඹ   දිශාවට ගමන් කර මැයි 26 වන දින සවස් වන විට බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

ශ්‍රී ලංකාව වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ (08N-20N, 83E-100E) නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස අවවාද කරනු ලැබේ.