හමුදා සහයෙන් විශාල ජන පිරිසකට එන්නත් ලබාදේ
ජුලි 06, 2021අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව ජාතික එන්නත්කරණ ක්‍රියාවලිය වැඩි දියුණු කරමින් විශාල ජනකායකට එන්නත් ලබාදීම සඳහා ආරම්භ වූ හමුදාව විසින් මෙහෙයවන එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය ඊයේ දින ආරම්භ විය.
බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි සිවිල් වැසියන් සඳහා නාරහේන්පිට, බත්තරමුල්ල, පනාගොඩ සහ වේරහැර යන මධ්‍යස්ථාන මගින් ජුලි 5 දින සිට පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා මෙම එන්නත ලබා ගත හැකිය.
එසේම, වයස අවුරුදු 60 ට වැඩි සිවිල් වැසියන් සඳහා ගාල්ල, මාතර, බදුල්ල, අනුරාධපුර, මින්නේරිය, කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික් ප්‍රජා එන්නත්කරණ මධ්‍යස්ථාන මගින් එන්නත ලබාගත හැකිය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ දින සිට කොළඹ චෛත්‍ය පාරේ ප්‍රදීපාගාර පරිශ්‍රයේ සහ රාගම එලපිටිවෙල චන්ද්‍රවන්ශ විද්‍යාලයේ එන්නත්කරණ වැඩසටහන සිදුකරනු ලබයි.
වැඩිදුර තොරතුරු >>
 
                                       
                                       
                                       
                                       
                                       
                                       
                                      