හදිසි ගංවතුර තත්වයන්ට මුහුණදීමට නාවික හමුදා සහන කණ්ඩායම් සුදානමින්

අගෝස්තු 02, 2022

හදිසි ගංවතුර තත්වයන්ගෙන් විපතට පත්වන ප්‍රජාවන්ට කඩිනම් සහන සැලසීම සඳහා ගංවතුර සහන කණ්ඩායම් 48ක් සූදානම්ව සිටින බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

හදිසි ආපදා තත්වයන්ට මුහුණ දීම සඳහා සහන කණ්ඩායම වලට සූදානමින් සිටින ලෙස නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් බටහිර, දකුණ සහ වයඹ නාවික විධානවලට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව, නාවික හමුදාව විසින් රත්නපුර නව නගරයේ ගංවතුර සහන කණ්ඩායම් දෙකක් යොදවා ඇති අතර, තවත් අතිරේක කණ්ඩායමක් ඊයේ (අගෝස්තු 1) සවස රත්නපුර, මුවගම ප්‍රදේශයට යවා ඇත.

සූදානමින් සිටින නාවික හමුදා සහන කණ්ඩායම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බව ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.