සේවා වනිතා සිදුවීම්
පරිත්‍යාගශීලියෙකුගෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය වෙත අවශ්‍යතා සහිත පුද්ගලයෙකු වෙත ලබා දීම සඳහා රෝද පුටුවක් පරිත්‍යාග කරයි
ආඩිඅම්බලම ප්‍රදේශයේ පදිංචි පරිත්‍යාගශීලී මහත්මියක වන ක්‍රිස්ටීන් ඕල්රිච් (Christeen Oellrich) මහත්මිය විසින් සිය සමාජ වගකීම පිළිබඳ මහඟු ආදර්ශයක් සපයමින්, අද (ජනවාරි 12) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය වෙත අවශ්‍යතා සහිත පුද්ගලයෙකු වෙත ලබා දීම සඳහා රෝද පුටුවක් පරිත්‍යාග කළාය. ඒ අනුව මෙරට පුරවැසියන් වශයෙන් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් හට සහාය දැක්වීම සඳහා පුද්ගල දායකත්වයන්හි වැදගත්කම ඉස්මතු කරමින් සිදු කෙරුණු මෙම පරිත්‍යාගය, සේවා වනිතා ඒකකය මගින් ක්‍රියාත්මක සුභසාධන වැඩසටහන් ශක්තිමත් කිරීම සඳහා එහි නියෝජිතයන් වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය විසින් කන්තලේ මූලික
රෝහල වෙත වෛද්‍ය උපකරණ තොගයක් භාරදෙයි
ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය වෙත ලැබුණු වෛද්‍ය උපකරණ තොගයක් කන්තලේ මූලික රෝහල වෙත අද (දෙසැම්බර් 13) දින නිලවශයෙන් භාරදෙන ලදි.
ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය මගින් ගංවතුරින් පීඩාවට පත් අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට වියළි සලාක ඇසුරුම් පිරිනමයි
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ මුලිකත්වයෙන්, 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම්වලින් පීඩාවට පත් ආරක්‍ෂක අමාත්‍යාංශ කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙත වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් අද (දෙසැම්බර් 08) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය විසින් ග්‍රාමීය පාසල් සඳහා ද්‍රව්‍යමය පරිත්‍යාග සහ පුස්තකාල අලුත්වැඩියා වෙනුවෙන් සහාය දක්වයි
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සිය සමාජ වගකීම් හා ප්‍රජා සුබසාධනය තවදුරටත් පුළුල් කරමින් අද (නොවැම්බර් 13) දින අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගත් ප්‍රජා සුබසාධන වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කරනු ලැබීය.
ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයෙන් උපකාර අවැසි
රණවිරු පවුල් කිහිපයකට හා දෘශ්‍යාබාධිත ප්‍රජාවන්ට සහාය
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (අගෝ. 20) අමාත්‍යාංශ පරිශ්‍රයේදී සේවා වනිතා ඒකකයේ පරිත්‍යාග මාලාවක් සිදුකරන ලදි.
කාන්තා දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ‘සිඳුලිය’ සඟරාව එළිදැක්වේ
නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් අද (මාර්තු 8) දින නාවික හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් ‘සිඳුලිය’ සඟරාව එළිදැක්වීම සිදුකරන ලදි.
'මිහිඳු සෙත් මැදුර' රණවිරුවන් සඳහා වර්ණවත් සන්ධ්‍යාවක්
ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න මැතිණියගේ අනුග්‍රහය යටතේ අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේ විවිධ හැකියාවන්ගෙන් යුත් රණවිරුවන් සඳහා වර්ණවත් රාත්‍රී භෝජන සංග්‍රහයක් ඊයේ (පෙබරවාරි 20 ) සවස පැවැත්විණි.
ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය තම ධුරයෙහි වැඩ භාරගනී
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය චිත්‍රානි ගුණරත්න මහත්මිය අද (ජනවාරි 30) දින සිය තනතුරෙහි වැඩ භාරගත්තාය.
උදාරයි ඔබ සංගීත ප්‍රසංගය අති සාර්ථකව නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විනි
සංගීතයට පෙම්බැඳි සුවහසක් සංගීත ලෝලී රසික රසිකාවියන් වෙත මෙතෙක් නොලද නව සංගීතමය අත්දැකීමක් තිලිණ කරමින් උදාරයි ඔබ සංගීත ප්‍රසංගය අද (සැප්තැම්බර් 14) දින සවස නෙලුම් පොකුණ රඟහලේදී සාර්ථකව පවත්වන ලදී.
ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ මුලිකත්වයෙන් දානමය පිංකමක්
පාස්කූ ඉරිදා දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මිය ගිය අයවළුන්ට පිං අනුමෝදන් කිරීම හා තුවාලවූවන්ට ඉක්මන් සුවය පතා පවත්වන ලද තෙමස් පූර්ණ ‘පිංකම’ ඉකුත් ඉරිදා (21) දින අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.







