සේවා වනිතා
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය විසින් අම්පාර මූලික රෝහලට දැඩි සත්කාර ඒකක (ICU) ඇඳන් පරිත්‍යාග කරයි
රෝගී ප්‍රජාවට අවශ්‍ය කෙරෙන ප්‍රතිකාර සේවා සඳහා රෝහල් දැඩි සත්කාර ඒකකයන්හි පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ සම්බන්ධීකරණය හා අධීක්‍ෂණය යටතේ අම්පාර මූලික රෝහල වෙත දැඩි සත්කාර ඒකක (ICU) සඳහා භාවිතා කෙරෙන ඇඳන් හතරක් (04) අද (ජන. 09) දින පරිත්‍යාග කරන ලදි.
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය නව වසර වෙනුවෙන් සුබසාධන වැඩසටහන් රැසක් දියත් කරයි
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ පූර්ණ මඟපෙන්වීම යටතේ, අද (ජන. 01) දින විවිධ සමාජ සුබසාධන සහ ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක් ආරම්භ කරන ලදී.
ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සංවිධායකත්වයෙන් ගම්පොල පුපුරැස්ස ප්‍රදේශයේ අවතැන් ජනතාව වෙනුවෙන් වෛද්‍ය සායනයක් පවත්වයි
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පසුගියදා ඇති වූ ස්වභාවික ව්‍යසනයෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය සහ රජයේ කාන්තා වෛද්‍යවරුන්ගේ සංගමය එක්ව සංවිධානය කළ විශේෂ වෛද්‍ය සායනයක් පසුගියදා (දෙසැම්බර් 20) දින සාර්ථකව පවත්වන ලදි.
ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය වෙත ලැබුණු වෛද්‍ය උපකරණ අනුරාධපුර ශික්‍ෂණ රෝහල සහ මාරවිල මූලික රෝහල වෙත භාර දෙයි
ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ සම්බන්ධීකරණය යටතේ, ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත ලැබුණු වෛද්‍ය ආධාර තොගයක් රජයේ රෝහල් දෙකක් වෙත නිල වශයෙන් භාර දෙන ලදි.
ආපදා සහන කටයුතු සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශ
සේවා වනිතා ඒකකයට පරිත්‍යාගයක්
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පවුල්වල දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ලබාදීම වෙනුවෙන් වටිනා ළදරු ඇඳන් තොගයක් ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයට ලබාදීම අද (දෙසැම්බර් 11) දින සිදුවන ලදි.
ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය “ලෝක ළමා දිනය” සැමරීම නිමිති කරගෙන තැලසීමියා රෝගී දරුවන් සඳහා විශේෂ චාරිකාවක් සංවිධානය කරයි
"ලෝක ළමා දිනය" සැමරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය අද (ඔක්තෝබර් 5) අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ තැලසීමියා රෝගී වාට්ටුවේ ප්‍රතිකාර ලබන ළමුන් සඳහා විශේෂ චාරිකාවක් සංවිධානය කළේය.
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය මගින් අමාත්‍යංශ කාර්යමණ්ඩලයට වියළි සලාක ඇසුරුම් පිරිනමයි
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් ආරක්‍ෂක ලේකම්තුමන්ගේ හා සේවා වනිතා ඒකකයේ සභාපතිනියගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවයේ නියුතු සුළු සේවක මහත්ම මහත්මින් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමේ වැඩසටහනක් අද (අප්‍රේල් 9) අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කරන ලදී.
ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ කාන්තා දින වැඩසටහනක් පවත්වයි
මාර්තු මස 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, අනූෂා බානගොඩ මැතිණියගේ උපදෙස් පරිදි කාන්තා නිලධාරීන්, කාන්තා නාවිකයින්, සහ නාවික හමුදා පුද්ගලයින්ගේ භාර්යාවන් උදෙසා විශේෂ කාන්තා දින වැඩසටහනක් 2025 මාර්තු මස 08 වැනි දින වැලිසර නාවික පරිශ්‍රයේ Wave N’ Lake උත්සව ශාලාවේ දී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී, වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති ගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය විසින් ‘කාන්තා සාමාජීය හා චිත්තවේගීය
බුද්ධි වර්ධනය’ පිළිබඳ දේශනයක් පවත්වයි
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මැතිනියගේ දැක්මට අනුව, ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ‘කාන්තා සාමාජීය හා චිත්තවේගීය බුද්ධි වර්ධනය’ මැයෙන් දේශනයක් අද (මාර්තු 7) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ
වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වේ
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ වාර්ෂික මහා සභා රැස්වීම - 2024 සේවා වනිතා ඒකකයේ සභාපතිනී වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (නොවැ 22) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.





