පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

රතු මුහුදේ ගැටුම්කාරී තත්වය තවදුරටත් උග්‍ර වීම ඔස්සේ ගෝලීය ආර්ථිකයට සහ
ශ්‍රී ලංකාවට එමගින් වන බලපෑම් සබැඳිව ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය සාකච්ඡාවක

ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ආරක්‍ෂාව පිළිබඳ ප්‍රමුඛතම අධ්‍යයන ආයතනය වන ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය විසින් “Widening Red Sea Conflict: Implications for the Global Economy and Sri Lanka” යන කාලීන තේමාව යටතේ සංවිධානය කරනු ලැබූ වට මේස සාකච්ඡාවක් පසුගියදා (සැප් 02) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි. ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංග (විශ්‍රාමික) මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ පුර්ණ අධීක්ෂණය සහ මඟපෙන්වීම යටතේ මෙම සාකච්ඡාව පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාල නියෝජිත පිරිසක් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ඉන්දීය රජයේ සම ලේකම් ශ්‍රී විජේ නේරා  ප්‍රමුඛ ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ දූත පිරිසක් අද (සැප් 2) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වව්නියාව දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණය කෙරුණු පළමු චෛත්‍යරාජයාණන් වහන්සේගේ
කොත නිරාවරණය කොට සම්බුදු සසුනට පූජා කිරීමේ පුණ්‍යෝත්සවය
ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්

පසුගිය යුධ සමයේ පරිහානියට පත් වූ උතුරු පළාත තුල පිහිටා තිබෙන දහස් සංඛ්‍යාත බෞද්ධ සිද්ධස්ථාන අතුරින් වව්නියාව දිස්ත්‍රික්කය තුල පිහිටි සපුමල්ගස්කඩ රජ මහා විහාරයේ චෛත්‍යරාජයාණන් වහන්සේ පූර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව සම්බුදු සසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය,


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද හමුදාව විසින් ඉදිකල CIMIC උද්‍යානයක් හා නව නිවාස කිහිපයක්
ප්‍රතිලාභීන් වෙත ලබා දෙයි

කිලිනොච්චි ප්‍රජාවගේ අධ්‍යාපනික හා සමාජීය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඉදිකරන ලද CIMIC උද්‍යානය ප්‍රදේශවාසීන්ගේ ප්‍රයෝජනය සඳහා පසුගිය දා (අගෝස්තු 25) විවෘත කර ජනතා අයිතියට පත් කරන ලද බව යුද හමුදා මාධ්‍ය වාර්තා කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

උතුරු මුහුදේදී ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි
ධීවරයින් 02 ක් නාවික හමුදාව විසින් බේරාගනියි

ශ්‍රී ලංකාවට උතුරු දෙසින්, කච්චතිව් දූපතේ සිට නාවික සැතපුම් 08 ක් පමණ (කිලෝ මීටර් 14 ක් පමණ) දුරින් වූ ඉන්දීය මුහුදු කලාපයේදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් දෙදෙනෙකු (02) නිරුපද්‍රිතව බේරා ගැනීමට 2024 අගෝස්තු 27 දින නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රියර් අද්මිරාල් කාංචන බානගොඩ
නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ 2024 අගෝස්තු මස 16 වන දින සිට පත්කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් කාංචන බානගොඩ වෙත නිල වශයෙන් 2024 අගෝස්තු මස 26 වන දින නාවික හමුදා මූලස්ථානයේදී ප්‍රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සයිබර් ආරක්‍ෂක විධානය විසින් Aegis Lexicon - 2024 ජංගම දැනුවත් කිරීමේ වැඩසටහන
විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පවත්වයි

ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආරක්‍ෂක සයිබර් විධානය විසින් Aegis Lexicon -2024 හි තෙවැනි සැසිවාරය පසුගියදා (අගෝස්තු 24) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සාර්ථකව පවත්වන ලදී. මෙම සැසිය, ජාතියේ තීරණාත්මක ජාතික තොරතුරු යටිතල ව්‍යුහය ආරක්‍ෂා කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, රාජ්‍ය අංශය පුරා සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම අරමුණු කරගත් පුළුල් මුලපිරීමක කොටසකි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ නෞකාව නිල සංචාරයක් සඳහා
කොළඹ වරායට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 26) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

චීන යුද නෞකා තුනක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

මහජන චීන විමුක්ති හමුදාවේ (Chinese People’s Liberation Army Navy) යුද නෞකාවන් වන “HE FEI”, “WUZHISHAN” සහ “QILIANSHAN” යන යුද නෞකා ත්‍රිත්වය නිල සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 26) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

4 වැනි CISM Military World Cadet ක්‍රීඩා උළෙලේදී කෙඩෙට් නිලධාරිනී
ටී.කේ.ඒ.ජි.ඩබ්ලිව් චතුරංගනිගෙන් ඉහළ දස්කම්

4 වන CISM Military World Cadet ක්‍රීඩා උළෙල 2024 අගෝස්තු මස 19 දින සිට 24 දක්වා වෙනිසියුලාවේ කැරකාස් හිදී පැවති අතර, එම තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කෙඩෙට් නිලධාරිනී ටී.කේ.ඒ.ජි.ඩබ්ලිව් චතුරංගනී සහභාගී වූ අතර, එහිදී දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 5.24ක දුරක් වාර්තා කරමින් එම ඉසව්වේ ජයග්‍රහණය හිමිකරගැනීමට සමත් වූවාය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයේ 10 වන අදියරේ අවසන් යුද අභ්‍යාසය
නිරීක්‍ෂණයට යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි

ඉන්දු - ලංකා යුද්ධ හමුදාවන් අතර, සුහදත්වය වර්ධනය කිරීම, සහයෝගීතාව ඇති කිරීම වෙනුවෙන් පැවැත්වූ 'මිත්‍ර ශක්ති 10 අදියර' ඒකාබද්ධ යුද අභ්‍යාසයේ අවසන් අභ්‍යාසය මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල් ක්‍රීඩාංගනයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ගේ ප්‍රධානත්වයෙන් 2024 අගෝස්තු මස 23 දින පැවැත්විණී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Stockdale’
නෞකාව කොළඹ වරායට පැමිණෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Stockdale’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 22) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

67 වැනි ජාතික ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටු රැස්වීම
ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ

ජාතික ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටුවේ 67 වැනි සැසිවාරය අද (අගෝස්තු 22) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු අතර, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නැගෙනහිර පළාත් ගිනි නිවීමේ සේවාවන්හී 'පළමු කාර්යක්‍ෂමතා කඩඉම් විභාගයේ'
ප්‍රායෝගික පරීක්‍ෂණය පැවැත්වීම සඳහා නාවික හමුදා සහය

නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යංශය යටතේ ඇති ගිනි නිවීමේ සේවාවන්හී ‘පළමු කාර්යක්‍ෂමතා කඩඉම් විභාගයේ’ ප්‍රායෝගික පරීක්‍ෂණය ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ දී 2024 අගෝස්තු මස 20 වන දින ආරම්භ වූ අතර, ඒ සඳහා නාවික හමුදා ඉංජිනේරු අංශයේ විශේෂඥ වෘත්තීය සහය ලබාදීම සිදු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS O'kane’ නෞකාව
කොළඹ වරායට පැමිණෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS O'kane’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 21) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඇමරිකානු වැඩබලන සහකාර ලේකම් රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් හමුවෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ සාගර සහ ජාත්‍යන්තර පාරිසරික හා විද්‍යාත්මක කටයුතු පිළිබඳ වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් ජෙනිෆර් ආර්. ලිට්ල්ජොන් මැතිණිය අගෝස්තු 20 දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කොළඹ පිහිටි සිය කාර්යාලයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ නෞකාව
කොළඹ වරායට පැමිණෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 19) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සිවිල් ආරක්‍ෂක බලකායේ සාමාජිකයන්ට රජයෙන් අත්වැලක්

ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන සිවිල් ආරක්‍ෂක බලකාය පසුගිය තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කිරීමට සුවිශේෂී දායකත්වයක් දැක්වූ වර්තමානයේ මෙරට ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘති සහ සමාජයේ යහ පැවැත්ම උදෙසා අතිශය වැදගත් කාර්‍යභාරයක් සිදු කරනු ලබයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ කිරින්ද උසස් පුහුණු ආයතන පරිශ්‍රයේ ස්ථාපනය කළ Ship-in-a-Box පුහුණු සමාකෘතිය විවෘත කෙරේ

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ පුහුණු කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පුළුල් කරමින්, එම දෙපාර්තමේන්තුවේ කිරින්ද උසස් පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුග්‍රාහකත්වයෙන් ස්ථාපිත කෙරුණු; යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ පුහුණුවීම් කටයුතු සඳහා භාවිතා කරනු ලබන Ship-in-a-Box පුහුණු සමාකෘතිය විවෘත කිරීම


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 13 වැනි ශ්‍රී ලංකා ආර්ථික පර්යේෂණ සමුළුව 2024

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය විසින් 13 වැනි ශ්‍රී ලංකා ආර්ථික පර්යේෂණ සමුළුව 2024 පසුගියදා (අගෝස්තු 09) පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නවසීලන්ත මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස්, අතිගරු David Pine මැතිතුමා අද (අගෝස්තු 14) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඕස්ට්‍රේලියානු දේශසීමා බලකා ප්‍රධානි ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ඕස්ට්‍රේලියාවේ ඒකාබද්ධ නියෝජිතායතන කාර්ය සාධක බලකායේ ස්වෛරී දේශසීමා මෙහෙයුම් ප්‍රධානි රියර් අද්මිරාල් බ්‍රෙට් සොන්ටර් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු නියෝජිත පිරිසක් අද (අගෝස්තු 14) උදෑසන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනාධිපතිවරණ සමයේ ඇතිවිය හැකි ආපදා කළමනාකරණය සඳහා විශේෂ වැඩපිළිවෙලක්

එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර මෙම ජනාධිපතිවරණ සමය තුළ ඇති විය හැකි ඕනෑම හදිසි ආපදා තත්ත්වයකදී, ඡන්ද බලය හිමි සියලු පුරවැසියන් වෙත සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආපදා කළමනාකරණ බලධාරීන් මේ වන විටත් කටයුතු යොදා ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුධ හමුදා සේවා වනිතා ඒකක මගින් පාසල් දරුවන්ට අත්‍යවශ්‍ය පාසල් උපකරණ සහ පොත්පත් බෙදා දෙයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය සහ ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකය එක්ව අද (අගෝස්තු 12) දින හොරණ, කුරණ ප්‍රාථමික විද්‍යාලය සහ කළුපහන කනිෂ්ඨ විද්‍යාලයේ දී අත්‍යවශ්‍ය පාසල් උපකරණ සහ පොත්පත් බෙදාදීමේ වැඩසටහනක් පවත්වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය විසින් ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ආර්සීඩීසී පීඑස්සී වෙත අනුස්මරණ දේශනය පවත්වයි

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායයේ සංවිධානය කරන ලද ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ආර්සීඩීසී පීඑස්සී අනුස්මරණ දේශනයට ගෞරවනීය ආරාධිත අමුත්තෙක් වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ද 2024 අගෝස්තු 09 දින සහභාගී විය.