පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

2026 නිදහස් දින පණිවිඩය

78 වන ජාතික නිදහස් දිනය අප විසින් සමරනු ලබන්නේ, අභියෝග රැසක් මධ්‍යයේ වුවද රට ආර්ථික වශයෙන් ස්ථාවරභාවයක් අත්පත් කර ගනිමින් ඉදිරියට යමින් සිටින ඓතිහාසික මොහොතකය. ලාංකිකයන් ලෙස අප සැමගේ සාමූහික පොරබැදීමේ ප්‍රතිඵලයක් ලෙස බලපෑම් සහගත ආර්ථික ප්‍රගතියක් සාක්ෂාත් කර ගැනීමට වසර එකහමාරක් වැනි කෙටි කාලයකදී අපි සමත් වීමු. අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත දේශපාලන සංස්කෘතියක් තුළ ගොඩනැඟෙන ලස්සන ලංකාවක් ලෙස ජාත්‍යන්තරයේ අපේ රට සන්නාමගත කිරීමට අපි සමත් වීමු.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් සයිබර් ආරක්‍ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි

ඩිජිටල් ආරක්‍ෂාව පිළිබඳ ජාතික යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ පූර්වගාමී පියවරක් ලෙස, ආරක්‍ෂක ලේකම්වරයාගේ සහ ජාතික බුද්ධි ප්‍රධානීගේ උපදෙස් මත, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරක්‍ෂක සයිබර් විධානය (DCC) විසින් තම දෙවන සයිබර් ආරක්‍ෂණ දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා (ජන. 30) දින පවත්වන ලදී. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය මෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජාතික මට්ටමේ කාන්තා හා ළමා ඒකක නිලධාරීන් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී

කොළඹ, පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද (පෙබරවාරි 03) දින ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම්වරයා කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්‍ෂණය කරයි

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතා සමඟ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ සිදුකෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා අද (පෙබරවාරි 02) දින එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ සිය සේවා කාලය නිමව පිටව යන පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ගරු Faheem-Ul-Aziz (විශ්‍රාමික) මැතිතුමා අද (පෙබරවාරි 02) නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා හමුවී සිය සමුගැනීමේ නිල හමුවීම් සිදු කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශ මහජන දිනයේදී ආරක්‍ෂක ලේකම්වරයා රණවිරුවන් සහ රණවිරු පවුල්වල සාමාජිකයන් හමුවෙයි

විශ්‍රාමික රණවිරුවන්ගේ සහ රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඇති අඛණ්ඩ කැපවීම විදහා දක්වමින් පැවැත්වූ මහජන දින වැඩසටහන අද (ජනනවාරි 30) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු Mathew Duckworth මැතිතුමා අද (ජනවාරි 29) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සමඟ සුහද හමුවක නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

78 වන ජාතික නිදහස් දින සැමරුම උත්සවය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවට ආරක්‍ෂක ලේකම්වරයා සහභාගී වෙයි

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු ඒ. එච්. එම්. එච්. අබයරත්න, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර යන මහත්වරුන් මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තැනැත්තන් වෙළඳාමට එරෙහි ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලසුමක් එළිදක්වයි

තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය (NAHTTF), නීතිවිරෝධී තැනැත්තන් වෙළඳාම් කටයුතු නිරීක්‍ෂණය කිරීම සහ ඊට එරෙහිව ක්‍රියා කිරීම සඳහා වන ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලසුම (2026-2030), අද (2026 ජනවාරි 28) දින නිල වශයෙන් දියත් කරන ලදී. මෙහි අරමුණ වන්නේ සියලු ආකාරයේ තැනැත්තන් වෙළඳාම් තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඇති දැඩි කැපවීම යළි තහවුරු කිරීම සහ සම්බන්ධීකරණය කරන ලද ජාතික ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නෙදර්ලන්ත තානාපතිවරයා සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අතර
නිල හමුවක් - ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරේ

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත රාජධානියේ තානාපති අතිගරු Wiebe de Boer මැතිතුමා ඊයේ (ජන. 26) ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ පිහිටි නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගම්පහ ප්‍රදේශයේ මහජන දින වැඩසටහන ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

මහජනතාව සහ ආරක්‍ෂක අමාත්‍යාංශය අතර සෘජු සන්නිවේදනය ශක්තිමත් කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද මහජන දින වැඩසටහන තුලින්, විශ්‍රාමික සහ ආබාධිත රණවිරුවන්ට, රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙන්ම, සාමාන්‍ය මහජනතාවට ද තමන් මුහුණ දෙන ගැටලු සෘජුවම ඉදිරිපත් කිරීමටත්, ඒ සඳහා සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමටත් අවස්ථාව සලසා දී ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා යොදවා සිටි 10 වන ගුවන් හමුදා කණ්ඩායම දිවයිනට පැමිණෙද්දී,
11 වන ගුවන් හමුදා කණ්ඩායම මෙහෙයුම් සඳහා පිටත්ව යයි

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් (MINUSCA) සඳහා අනුයුක්ත කොට සිටින හෙලිකොප්ටර් යානා ඒකකය යටතේ ක්‍රියාත්මක වන ගුවන් ඒකකයේ රාජකාරි සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 11 වන කණ්ඩායම පසුගියදා (ජන. 21) එරට බලා පිටත්ව ගිය අතර, වසරක සේවා කාලයක් නිම කළ 10 වන කණ්ඩායම නැවත දිවයිනට පැමිණියහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඕමාන් සහ ඉන්දුනීසියානු නාවික හමුදාවන්ට අයත් යුධ නෞකා දෙකක් කොළඹට ළඟා වෙයි

ඕමාන් රාජකීය නාවික හමුදාවට සහ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් විදෙස් නාවික යුධ නෞකා දෙකක් මෙරට නිල සංචාර සිදු කිරීමේ අරමුණින් අද (ජන. 22) දින කොළඹ වරායට සේන්දු වූහ. ඕමාන් නාවික හමුදාවට අයත් AL SEEB නෞකාව සහ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් KRI SULTAN ISKANDAR MUDA - 367 නෞකාව මෙලෙස දිවයිනට පැමිණියේ එම නෞකා වල සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහාය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක සයිබර් විධානය මඟින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ඇති සියලුම ආයතනවල කාර්ය මණ්ඩලය සඳහා සයිබර් ආරක්‍ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි

ආරක්‍ෂක සයිබර් විධානය විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය සහ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඇතුළු අනෙකුත් අනුබද්ධිත සියලුම ආයතන සඳහා සයිබර් ආරක්‍ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක්, 2026 ජනවාරි මස 20 වන දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ නන්දිමිත්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විදේශ සහනාධාර සම්බන්ධීකරණයේ විනිවිදභාවය සහ සන්නද්ධ හමුදාවන්ගේ
දායකත්වය නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාගේ ඇගයීමට

විදේශ සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවේ (HL-FRAC) අටවන සැසිය, නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජනවාරි 21) කොළඹ පිහිටි නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය කාර්යාලයේදි  පැවැත්විණි. විදේශයන්ගෙන් ලැබෙන සහන ආධාර කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම, විනිවිදභාවය තහවුරු කිරීම සහ ආයතනික සම්බන්ධීකරණයේ කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීම කෙරෙහි මෙහිදී සුවිශේෂී අවධානයක් යොමු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘EX - DOSTI – XVII’ ත්‍රෛයිපාර්ශ්වීය නාවික අභ්‍යාසය සාර්ථකව නිමාවට පත්වෙයි

ඉන්දියානු සාගර කාළාපය තුල සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකායේ සහභාගීත්වයෙන් 2026 ජනවාරි මස 16 වැනි දින සිට 19 වැනි දින දක්වා මාලදිවයින් මුහුදු තීරයේදී පැවති ‘EX – DOSTI - XVII ’ ත්‍රෛයිපාර්ශ්වික නාවික අභ්‍යසය සාර්ථකව නිමාවට පත්විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

Lanka Ride 2026 පාපැදි තරඟාවලියේ ශූරතාවය යුද්ධ හමුදාවට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාපැදි තරඟාවලියක් වන Lanka Ride 2026 තරඟාවලිය 2026 ජනවාරි මස 18 වන දින අවසන් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය මගින් නිකවැරටිය මූලික රෝහලට දැඩි සත්කාර ඒකක ඇඳක් පරිත්‍යාග කරයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ සම්බන්ධීකරණය යටතේ, නිකවැරටිය මූලික රෝහලේ දැඩි සත්කාර පහසුකම් ශක්තිමත් කිරීමේ සහ කලාපයේ රෝගී සත්කාරක සේවා නංවාලීමේ අරමුණින් අද (ජන. 16) දින එම රෝහල වෙත දැඩි සත්කාර ඒකක (ICU) ඇඳක් පරිත්‍යාග කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක, මේජර් ජෙනරල් කේ. ඩබ්ලිව්. ජයවීර අද (ජන. 16) දින කොළඹ පිහිටි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩසටහනට සමගාමීව පශ්චාත් ආපදා ඇගයීම සඳහා වූ මෙහෙයුම් කමිටුව රැස්වෙයි

දිවයිනට බලපෑ ‘දිත්වා' (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ දැවැන්ත විනාශයෙන් පසු රට යළි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ස්ථාපිත 'Rebuilding Sri Lanka' විස්තීර්ණ ජාතික වැඩසටහන, අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජනවාරි 13 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී නිල වශයෙන් ආරම්භ කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තෛපොංගල් දින සුබ පැතුම් පණිවිඩය

ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සහ උද්‍යෝගයෙන් සමරන තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සුභ තෛපොංගල් උත්සවයක් වේවා

ඔබ සැමට සාමය සතුට පිරි සුභ තෛපොංගල් උත්සවයක් වේවා...


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය නාවික හමුදාවේ සහකාර මාණ්ඩලික ප්‍රධානි ආරක්‍ෂක නියෝජ්‍ය
අමාත්‍යවරයා හමුවෙයි

ඉන්දීය නාවික හමුදාවේ සහකාර නාවික මාණ්ඩලික ප්‍රධානි (විදේශ සහයෝගීතාව සහ බුද්ධි) රියර් අද්මිරාල් Srinivas Maddula අද (ජනවාරි 14) ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදි හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආපදා සහන මෙහෙයුම් මධ්‍යයේ ‘රටම එකට’ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පිළිබඳව නාවික හමුදාව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇගැයීමට

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඊයේ (ජනවාරි 13) අකුරේගොඩ නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත මෙහෙයුම් මැදිරිය නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. එහිදී ‘රටම එකට’ වැඩසටහනේ ජාතික වැදගත්කම අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෑතකදී ඇති වූ ජාතික ආපදා තත්ත්වය හමුවේ සහන සේවා සඳහා නාවික හමුදාව විශිෂ්ට ලෙස දායක වෙමින් වුවද, එම වැඩසටහන අඛණ්ඩව හා කාර්යක්‍ෂමව ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම පිළිබඳව සිය ප්‍රශංසාව පිරිනැමීය.