පසුගිය පුවත්
ආපදා සහන මෙහෙයුම් පිළිබඳ සාකච්ඡා කිරීමට ආරක්‍ෂක ලේකම්වරයා සහ ඇමරිකා එක්සත් ජනපද ආරක්‍ෂක උපදේශක අතර විශේෂ හමුවක් පැවැත්වේ
ශ්‍රී ලංකාව මුහුණ පා තිබෙන ජාතික ස්වභාවික ආපදා තත්ත්වය හමුවේ අවශ්‍ය සහයෝගය හා උපකාර කළ හැකි ආකාර පිළිබඳ සොයා බැලීමේ අරමුණින් කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් Matthew House ඇතුළු නියෝජිත පිරිසක් අද (දෙසැම්බර් 02) දින පෙරවරුවේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු වුහ.
ත්‍රිවිධ හමුදාව ආපදා සහන මෙහෙයුම් වේගවත් කරයි
ත්‍රිවිධ හමුදාව ගංවතුරෙන් සහ නායයෑම්වලින් විපතට පත් දහස් සංඛ්‍යාත ජනතාවකට සහන සැලසීම සඳහා දිවයින පුරා සිය මුදාගැනීමේ හා සහන මෙහෙයුම් වේගවත් කර තිබේ. පසුගිය දින දෙක (02) පුරා යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්වී, ආපදාවට පත් ප්‍රජාවන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමේ අරමුණින්, ගොඩබිම, ජලය සහ ගුවන මූලික කරගත් සහන සේවා හා මුදාගැනීම් මෙහෙයුම් පුළුල් කර තිබේ.
ශ්‍රී ලංකා ප්‍රීමා සමූහ ව්‍යාපාරය ගංවතුරෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 300කට අධික වියළි සලාක පරිත්‍යාග කරයි
ගංවතුර සහ නායයෑම් ඇතුළු ආපදා තත්ත්වයන් හේතුවෙන් දිවයින පුරා විපතට පත් ජනතාව වෙත බෙදා හැරීම සඳහා රුපියල් මිලියන 300කට වඩා වටිනා ප්‍රීමා වියළි සලාක තොගයක්, නොවැම්බර් 30 වන දින සවස ප්‍රීමා සමූහ ව්‍යාපාරය විසින් ශ්‍රී ලංකා රජය වෙත පරිත්‍යාග කරන ලදි.
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා බදුල්ල දිස්ත්‍රික්කයේ සුරක්‍ෂිතතා
මධ්‍යස්ථාන සහ ආපදා ස්ථාන නිරීක්‍ෂණය කරයි
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත් පුද්ගලයින් රැඳී සිටින සුරක්‍ෂිත මධ්‍යස්ථාන හා එම මධ්‍යස්ථානවල සුබසාධනය ක්‍රියාමාර්ග සොයාබැලීම සඳහා මෙන්ම, ආපදා ප්‍රතිචාර ක්‍රියාමාර්ග සොයාබැලීම සඳහා බදුල්ල දිස්ත්‍රික්කය පුරා නිරීක්‍ෂණ චාරිකා කිහිපයක නිරත වූයේය.
ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ආපදා සහන මෙහෙයුම්
පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක්
ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (නොවැ. 30) දින ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ පිහිටුවා ඇති විශේෂ ආපදා කළමනාකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේදී ජාතික ආපදා ප්‍රතිචාර මෙහෙයුම් තක්සේරු කිරීම සඳහා විශේෂ රැස්වීමක් පැවැත්විණ.
ත්‍රිකුණාමලය, පොලොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්ක තුල ආපදාවට පත් පුද්ගලයන් 1310ක් වෙත නාවික හමුදාව සහන සලසයි
ශ්‍රි ලංකා නාවික හමුදාව දිවයිනම ආවරණය වන පරිදි අධි අවධානම් ආපදා සහිත ස්ථාන වෙත ආපදා සහන කණ්ඩායම් යොදවා ඇත. අද දිනය (2025 නොවැම්බර් 29) තුල නැගෙනහිර නාවික විධානය මඟින් ත්‍රිකුණාමලය, පොලොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්ක තුල, කින්නියා මල්ලපච්චෙනායි, කන්තලේ, මූතුර් සාෆි නගර්, කලාඔය, ගෝමරන්කඩවල, රැල් පාලම, ගල්ලෑල්ල සහ අළුත්ගම බෝගමුව යන ප්‍රදේශ ආවරණ වන පරිදි සිදුකල ආපදා සහන මෙහෙයුම් මඟින්, ගංවතුරෙන් ආපදාවට පත්ව අවදානමට ලක්ව සිටි පුද්ගලයින් 69 දෙනෙකු මුදාගැනීමටත්, 1241 දෙනෙකු ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීමටත් කටයුතු කෙරිණි.
ජනාධිපතිතුමා කලාඔය ආපදාවට පත්වුවන් මුදවා ගැනීම
සජීවීව නිරීක්‍ෂණය කරයි
කලාඔය ප්‍රදේශයේ ගංවතුරට හසු වී, සිර වී තිබූ බස් රථයක ගමන් කරමින් සිටියදී ආපදාවට පත් වී, නිවසක වහලක් මත රැඳී සිටි පුද්ගලයින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය විසින් මුදා ගැනීමේ මෙහෙයුම, අද උදෑසන (නොවැම්බර් 29) ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් විශේෂ මෙහෙයුම් මැදිරියේ සිට සමීපව නිරීක්‍ෂණය කරන ලදි.
ශ්‍රී ලංකා නාවික හමුදාව ආපදා සහන කණ්ඩායම් යෙදවීම
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමේ අරමුණින්, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආපදා සහන කණ්ඩායම් 141ක් සූදානම් කර තිබේ. 2025 නොවැම්බර් මස 29 වන දින උදෑසන 0730 වන විට, එම කණ්ඩායම් අතුරින් කණ්ඩායම් 79ක් දිවයින පුරා සියලුම පළාත් ආවරණය වන පරිදි සක්‍රීය මෙහෙයුම් සඳහා යොදවා තිබේ. නොවැම්බර් 22 වන දින සහන මෙහෙයුම් ආරම්භ කළ දින සිට මේ දක්වා ආපදාවට පත් වූ පුද්ගලයින් 900 කට අධික සංඛ්‍යාවක් නිරුපද්‍රිතව මුදාගැනීමටත්, පුද්ගලයින් 2000ක් පමණ ආරක්‍ෂිතව නාවික හමුදා යාත්‍රා මඟින් ප්‍රවාහනය කිරීමටත්, නාවික හමුදාව සමත් වී ඇත.
අයහපත් කාලගුණය හමුවේ මොණරාගල දිස්ත්‍රික්කයේ
යුද හමුදා සහන මෙහෙයුම්
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් අඛණ්ඩව පැවතීම හේතුවෙන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) සහ 12 වන පාබල සේනාංක භට පිරිස් විසින් මොණරාගල දිස්ත්‍රික්කය පුරා විවිධ හදිසි ආපදා සහන මෙහෙයුම් කඩිනමින් ක්‍රියාත්මක කරමින් සිටි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව “නිකවැරටිය” සහ “දොම්පේ” ගංවතුරට
හසු වූ පුද්ගලයන් පස් දෙනෙකු මුදාගනි
උත්සන්න වන ගංවතුර තත්ත්වයන් මධ්‍යයේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අද උදෑසන (නොවැම්බර් 29) හදිසි මුදාගැනීමේ මෙහෙයුම් දෙකක් (02) සාර්ථකව සිදුකරන ලදි.
පීඩාවට පත්වූ පවුල් උදෙසා ඉන්දීයානු ආධාර රැගත් ගුවන්යානයක් දිවයිනට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව වෙනුවෙන් ආධාර තොගයක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානයක් (2025.11.29) අද දින අළුයම 0145 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ලගා විය.
අයහපත් කාලගුණයක් මධ්‍යයේ පවා යුද හමුදා භට පිරිස් විසින් සිදුකෙරෙන හදිසි ආපදා ප්‍රතිචාර මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියට
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ගංවතුර තත්ත්වයට මුහුණ දෙමින් සිටි කයිලගොඩ වැඩිහිටි නිවාසයේ සිටි වැඩිහිටියන් 38 දෙනෙකු ඉන් මුදාගෙන, ඔවුන්ට අවශ්‍ය කෙරෙන අඛණ්ඩ සත්කාර, ආරක්‍ෂාව සහ අත්‍යවශ්‍ය සහාය ලබාදීම සඳහා ආපදා සහන සේවා මධ්‍යස්ථානයක් වෙත ආරක්‍ෂිතව ගෙන යන ලදී.
පොළොන්නරුවේ අතරමං වූ පුද්ගලයින් 13 දෙනෙකු ගුවන් හමුදාව විසින් ගලවා ගනී
හිඟුරක්ගොඩ, අංක 7 හෙලිකොප්ටර් බලඝණයේ සිට බෙල්-212 හෙලිකොප්ටරයකින් පැමිණි ශ්‍රී ලංකා ගුවන් හමුදා ගලවා ගැනීමේ කණ්ඩායමක් අද (නොවැම්බර් 28) උදෑසන පොළොන්නරුව මනම්පිටිය පාලම මත අතරමංව සිටි 13 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් විය. සියලුම පුද්ගලයින් ගුවන් මගින් ආරක්‍ෂිත ස්ථාන වෙත ගෙන යන ලදී.
අයහපත් කාලගුණය හමුවේ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන්: දැවැන්ත හදිසි සහන සහ මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි
ජාතික ආරක්‍ෂාව සහ මානුෂීය සහයෝගය ඉහළම ප්‍රමුඛතා ලෙස තබා ගනිමින් ඕනෑම මොහොතක හදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ත්‍රිවිධ හමුදා භට පිරිස් පැය 24 පුරාවටම සූදානමින් සිටින අතර, දැනටමත් සෑම දිස්ත්‍රික්කයකම පාහේ සියලු ආපදා සහන මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටි.
ජාතික ආපදා කළමනාකරණ කමිටුව ජනපති ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී රැස්වේ
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ආපදා කළමනාකරණ කමිටුව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (නොවැම්බර් 27) රාත්‍රියේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී රැස්විය.
බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන්
අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් රට බරපතල ව්‍යසනයකට ලක්වෙමින් පවතින අතර, බදුල්ල දිස්ත්‍රික්කය ද එම ව්‍යසනයේ කොටසක් බවට පත්ව තිබේ. පවත්නා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා කඩිනම් හා ඉහළ පෙළේ දේශපාලන හා පරිපාලන නිලධාරීන් සම්බන්ධ වු බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව ඊයේ රාත්‍රි 0730 ට (නොවැම්බර් 27) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්වීය. එහිදී ආපදා අවම කිරීම, සහන සැපයීම සහ ආපදාවට ලක් වූවන් කඩිනමින් ඉවත් කර ගැනීම පිළිබඳ පුළුල්ව සාකච්ඡා කරන ලදි.
“ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය
උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ”
ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ 4 වන පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය අද (නොවැම්බර් 27) දින ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහභාගී විය.
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා ඉන්දීය නාවික හමුදාවට අයත් “INS Vikrant” ගුවන් යානා ප්‍රවාහන යුධ නෞකාවේ නිරීක්‍ෂණ චාරිකාවක
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අද (නොවැම්බර් 25) දින කොළඹ වරායේ නැංගුරම්ලා ඇති ඉන්දීය නාවික හමුදාවට අයත් ගුවන් යානා ප්‍රවාහන යුධ නෞකාවක් වන "INS Vikrant" නෞකාවේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූහ.
දේශගුණික විපර්යාස සහ ආපදා වැළැක්වීම පිළිබඳ 9 වන ආසියා - ශාන්තිකර කලාපීය විකාශන සංගමයේ මාධ්‍ය සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වේ
දේශගුණික විපර්යාස සහ ආපදා වැළැක්වීම පිළිබඳ 9 වන ආසියා - ශාන්තිකර කලාපීය විකාශන සංගමයේ මාධ්‍ය සමුළුව (CADP 2025) අද (නොවැම්බර් 25) දින ගල්කිස්ස Mount Lavinia හෝටල් පරිශ්‍රයේදී ආරම්භ විය. දින තුනක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සඳහා කලාපීය මාධ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ආපදා අවධානම් පිළිබඳ විශේෂඥයින් සහභාගී වේ. දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් මෙහිදී ප්‍රධාන අවධානය යොමු කෙරේ.
බංග්ලාදේශ ජනරජයේ 54 වැනි සන්නද්ධ හමුදා දින උත්සවය ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ
බංග්ලාදේශ ජනරජයේ 54 වැනි සන්නද්ධ හමුදා දින සැමරුම් උත්සවය පසුගිය දා (නොවැම්බර් 24) සන්ධ්‍යාවේ කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහභාගී විය.
රණවිරු දෙමාපියන්ට ලබාදෙන “මා පිය රැකවරණ දීමනාව” අත්හිටුවා ඇති බවට ප්‍රචාරය වන අසත්‍ය ප්‍රකාශය සම්බන්ධවයි
මාතෘභූමියේ සාමය සහ භෞමික අඛණ්ඩතාව තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාන්විත රාජකාරියේදී තම ජීවිත පූජා කළ අභීත රණවිරුවන්ගේ සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ දෙමාපියන් වෙත "මා පිය රැකවරණ දීමනාව" ලබාදීම රණවිරු සේවා අධිකාරියේ මාපිය රැකවරණ අංශයේ මැදිහත්වීමෙන් අඛණ්ඩව සිදුකරනු ලබයි. එම දීමනාව අත්හිටුවා ඇති බවට අසත්‍ය ප්‍රකාශයක් මේ වනවිට ඇතැම් පුවත්පත්, රූපවාහිනී නාලිකා හා සමාජ මාධ්‍ය තුල ප්‍රචාරණය වන අතර, එම තොරතුර සම්පුර්ණයෙන් සාවද්‍ය බවත් එම දීමනාව අත්හිටුවීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ආරක්‍ෂක අමාත්‍යාංශය අවධාරණය කර සිටී.
අකුරැස්ස - සියඹලාගොඩ මාර්ගය ජලයෙන් යටවීමෙන් ආපදාවට පත් උසස් පෙළ විභාගයට පෙනී සිටින පාසල් සිසුන් සහ මහජනතාවට සහාය වීම සඳහා යුද්ධ
හමුදා සහාය
අද (නොවැම්බර් 22) පනස්ගම ප්‍රදේශයේ අකුරැස්ස - සියඹලාගොඩ මාර්ගයේ මීටර් 200 ක පමණ කොටසක් අඩි 03 ක පමණ ජල මට්ටමකින් යටවීම හේතුවෙන් ආපදාවට පත්ව සිටින ජනතාවට සහාය වීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා 613 වන පාබල බලසේනාවට අයත් 3 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින්, හදිසි සහන සැලසීමේ මෙහෙයුමක් දියත් කර ඇත. ආපදා සහන සේවා සඳහා එක් නිලධාරියෙකු සහ සෙසුනිලයින් 05 දෙනෙකුගෙන් සමන්විත යුද්ධ හමුදා කණ්ඩායමක් එම ස්ථානය වෙත අනුයුක්ත කොට ඇත.
පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ඇති වූ නායයෑමෙන් විපතට පත් ජනතාවට සහාය වීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා 8 වන සිංහ රෙජිමේන්තුවේ මැදිහත්වීමෙන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කරයි
අද (නොවැම්බර් 22) උදෑසන පහළ කඩුගන්නාව ප්‍රදේශයේ සිදුවූ නායයෑම හේතුවෙන් විපතට පත්වූවන් සෙවීම හා ඉන් මුදාගැනීම සඳහා, ශ්‍රී ලංකා යුද්ධ හමුදා 611 වන පාබල බලසේනාව යටතේ ක්‍රියාත්මක 8 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ (8 SR) භට පිරිස් විසින් කඩිනම් සෙවීම් සහ මුදා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මැදිහත්වීමෙන් ගංවතුරෙන් පීඩාවට පත් නෙළුව ප්‍රදේශයේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සහ මහජනතාව සඳහා ප්‍රවාහන පහසුකම් සලසයි
අද (නොවැම්බර් 22) දින පැවති අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් නෙළුව ප්‍රදේශයේ ඇති වී තිබෙන හදිසි ගංවතුර තත්ත්වයට ක්‍ෂණිකව ප්‍රතිචාර දක්වමින්, 573 වන පාබල බලසේනාව යටතේ ඇති 20 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින්, එම ප්‍රදේශයේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට සහ සාමාන්‍ය ජනතාවට සහය වීම සඳහා මෙහෙයුමක් දියත් කර තිබේ.
කොළඹ ආරක්‍ෂක සමුළුවේ 7 වැනි ජාතික ආරක්‍ෂක උපදේශක හමුව අතරතුර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි
2025 නොවැම්බර් 19 දින සිට 20 දින දක්වා ඉන්දියාවේ නවදිල්ලි හි පැවැත්වෙන කොළඹ ආරක්‍ෂක සමුළුවේ 7 වැනි ජාතික ආරක්‍ෂක උපදේශක හමුව අතරතුර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබීය.


















