පසුගිය පුවත්
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිතවරිය
ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නේවාසික නියෝජිත Azusa Kubota මැතිනිය ඊයේ (ජනවාරි 13) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
ඉන්දීය නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි
ඉන්දීය නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී (විදේශ සහයෝගිතා සහ නාවික බුද්ධි) රියර් අද්මිරාල් Srinivas Maddula, අද (ජන. 13) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු විය.
ඉලක්කගත මූල්‍ය සම්බාධක කමිටුව ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි අන්‍යෝන්‍ය ඇගයීම් ක්‍රියාවලිය වෙනුවෙන් වන පෙර සූදානම සමාලෝචනය කරයි
ඉලක්කගත මූල්‍ය සම්බාධක කමිටුවේ (Targeted Financial Sanctions Committee) රැස්වීමක් එහි ශ්‍රී ලංකාවේ බලධාරියා (Competent Authority) ලෙස කටයුතු කරන ආරක්‍ෂක ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ජන. 12) ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. 2026 මාර්තු මාසයේදී ආරම්භ වීමට නියමිත 'අන්‍යෝන්‍ය ඇගයීම්' (Mutual Evaluation) ක්‍රියාවලිය සඳහා අදාළ පාර්ශ්වකරුවන්ගේ පෙර සූදානම සමාලෝචනය කිරීම මෙහි මූලික අරමුණ විය.
13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල 2024/2025 පනාගොඩදී උත්කර්ෂවත් සමාප්ති උළෙලක් සමඟින් නිමාවට පත්වේ
13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල 2024/2025 ඊයේ (ජනවාරි 12) දින පනාගොඩ යුද හමුදා කඳවුරේ පැවැත්වූ අභිමානවත් සහ වර්ණවත් සමාප්ති උළෙලකින් සාර්ථකව නිමාවට පත් විය.
රණවිරු දරු දැරියන් වෙනුවෙන් ‘විරු සිසු ප්‍රදීප’ ශිෂ්‍යත්ව පිරිනමයි
රණවිරු ප්‍රජාවගේ සුභසාධනය ඉහළ නැංවීම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය දක්වන කැපවීම යළිත් තහවුරු කරමින්, රණවිරු පවුල්වල දරු දැරියන් 25 දෙනෙකු සඳහා සංකේතාත්මකව අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැමීමේ ‘විරු සිසු ප්‍රදීප’ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය අද (ජනවාරි 13) ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
පරිත්‍යාගශීලියෙකුගෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය වෙත අවශ්‍යතා සහිත පුද්ගලයෙකු වෙත ලබා දීම සඳහා රෝද පුටුවක් පරිත්‍යාග කරයි
ආඩිඅම්බලම ප්‍රදේශයේ පදිංචි පරිත්‍යාගශීලී මහත්මියක වන ක්‍රිස්ටීන් ඕල්රිච් (Christeen Oellrich) මහත්මිය විසින් සිය සමාජ වගකීම පිළිබඳ මහඟු ආදර්ශයක් සපයමින්, අද (ජනවාරි 12) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය වෙත අවශ්‍යතා සහිත පුද්ගලයෙකු වෙත ලබා දීම සඳහා රෝද පුටුවක් පරිත්‍යාග කළාය. ඒ අනුව මෙරට පුරවැසියන් වශයෙන් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් හට සහාය දැක්වීම සඳහා පුද්ගල දායකත්වයන්හි වැදගත්කම ඉස්මතු කරමින් සිදු කෙරුණු මෙම පරිත්‍යාගය, සේවා වනිතා ඒකකය මගින් ක්‍රියාත්මක සුභසාධන වැඩසටහන් ශක්තිමත් කිරීම සඳහා එහි නියෝජිතයන් වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය විසින් අම්පාර මූලික රෝහලට දැඩි සත්කාර ඒකක (ICU) ඇඳන් පරිත්‍යාග කරයි
රෝගී ප්‍රජාවට අවශ්‍ය කෙරෙන ප්‍රතිකාර සේවා සඳහා රෝහල් දැඩි සත්කාර ඒකකයන්හි පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ සම්බන්ධීකරණය හා අධීක්‍ෂණය යටතේ අම්පාර මූලික රෝහල වෙත දැඩි සත්කාර ඒකක (ICU) සඳහා භාවිතා කෙරෙන ඇඳන් හතරක් (04) අද (ජන. 09) දින පරිත්‍යාග කරන ලදි.
විදේශ සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුව (HL-FRAC) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වෙයි
විදේශ සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුව (HL-FRAC) ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජනවාරි 8) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.
නික්ම යන අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි Julie Chung මැතිනිය ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි
ශ්‍රී ලංකාවේ සිය රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලය නිමා කර මෙරටින් නික්ම යන අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි, ගරු Julie Chung මැතිනිය අද (ජනවාරි 08) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
ආරක්‍ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි
දස වන පාර්ලිමේන්තුවේ ආරක්‍ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පස්වරුවේ රැස් විය.
ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා
අතර හමුවක් පැවැත්වේ
ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් Upendra Dwivedi, අද (ජනවාරි 07) දින කොළඹ පිහිටි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමු විය. ඉන්දීය යුද හමුදා ප්‍රධානියා ප්‍රමුඛ දුත පිරිසක් මෙරට නිල සංචාරයක් සඳහා ඊයේ දින ශ්‍රී ලංකාවට පැමිණියහ.
ඉන්දීය යුද හමුදා ප්‍රධානී ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි
ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරල් Upendra Dwivedi අද (ජන. 07) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවී සුහද සාකච්ඡාවක නිරත විය. ඉන්දීය යුද හමුදා ප්‍රධානියා ඇතුළු දුත පිරිස ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ඊයේ දිවයිනට ළඟා වුහ.
ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් 2025 අංක 5 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත සම්බන්ධයෙන් වන නීතිමය දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි
නීතිවිරෝධී වත්කම් අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් රටේ ආරක්‍ෂක සහ නීතිමය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණින්, 2025 අංක 5 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්, අද (ජන. 06) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පවත්වන ලදි. ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ මඟපෙන්වීම යටතේ පැවැත්වුණු මෙම පුහුණු සැසිය ඔස්සේ, තොරතුරු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් පවතින ව්‍යවස්ථාපිත බැඳීම් සහ තොරතුරු වසන් කිරීමේ ප්‍රතිවිපාක කෙරෙහි මුලික වශයෙන් අවධානය යොමු කරන ලදි. සංවිධානාත්මක මූල්‍ය අපරාධ මර්දනය කිරීමේ ජාතික ප්‍රයත්නයේ මූලික පදනමක් වශයෙන් මෙම වැඩමුළුව ක්‍රියාත්මක කරනු ලැබීය.
ත්‍රිවිධ හමුදාවේ සියලු නිලයන්ගේ දිනක වැටුප ලෙස රුපියල් මිලියන 372 ක් ‘Rebuilding Sri Lanka’ අරමුදලට
ශ්‍රී ලංකා යුධ හමුදාව , ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු නිලයන් විසින් තම දිනක මූලික වැටුප දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කර තිබේ.
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය නව වසර වෙනුවෙන් සුබසාධන වැඩසටහන් රැසක් දියත් කරයි
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ පූර්ණ මඟපෙන්වීම යටතේ, අද (ජන. 01) දින විවිධ සමාජ සුබසාධන සහ ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක් ආරම්භ කරන ලදී.
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා නව වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීමේ නිල උත්සවයේදී සාමූහික ප්‍රයත්නයකින් වැඩ කිරීමට සැමට ආරාධනා කරයි
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අද (ජනවාරි 01) උදෑසන ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී සම්ප්‍රදායිකව නව වසරෙ වැඩ ආරම්භ කිරීමේ සහ රාජ්‍යය සේවකයින්ගේ දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගී විය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත්වුවන්ට ලැබුණු
විදේශීය මානුෂිය ආධාර බෙදාහැරීම
දිට්වා සුළි කුණාටු ආපදාවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් විදේශ රටවල් 22ක් සහ ලෝක ආහාර වැඩසටහන (WFP) මඟින් ලබාදෙන මානුෂීය සහනාධාර දිවයිනට ලැබුනු අතර, මෙම විදේශීය ආධාර තොග නිසි ලෙස කළමනාකරණය කිරීම, සම්බන්ධීකරණය සහ ඒවා ඵලදායී ලෙස ජනතාව අතර බෙදා හැරීම තහවුරු කරනු පිණිස ගරු ජනාධිපතිතුමන් විසින් 'විදේශ සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුව' (HL-FRAC) පිහිටුවනු ලැබීය.
ජනාධිපතිතුමන්ගේ අලුත් අවුරුදු පණිවිඩය
2026 නව වසරට අප පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ රට නැවත ගොඩනැගීමේ දැවැන්ත කාර්යභාරය දෙවුර දරා ගත් ජාතියක් ලෙසය.
නත්තල් පණිවිඩය
ලොව පුරා කිතුනු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත බැතියෙන් සමරන අසිරිමත් නත්තල අදට (25) යෙදී තිබේ.
සුභ නත්තලක් වේවා!
අසිරිමත් නත්තල සමරණ අද සහ අලුත් අවුරුද්ද පුරාවටම ඔබට ප්‍රීතිය හා සාමය උදා වේවා
විදේශ සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණ කමිටුවේ (HL-FRAC) පස්වන
සැසිවාරය ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වේ
විදේශ සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවේ පස්වන රැස්වීම, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (දෙසැ. 23) දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන (DMC) පරිශ්‍රයේදී පැවැත්විණ.
ඊජිප්තු තානාපතිවරයා ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි
ශ්‍රී ලංකාවේ අරාබි ජනරජයේ ඊජිප්තු තානාපති, අතිගරු Adel Ibrahim මැතිතුමා ඊයේ (දෙසැම්බර් 23) ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමු විය.
ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහා සයිබර් ආරක්‍ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි
ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ ජාතික බුද්ධි ප්‍රධානීගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ, ජාතියේ ඩිජිටල් සීමාවන් ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරක්‍ෂක සයිබර් විධාන ඒකකය (DCC) විසින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහා පුළුල් සයිබර් ආරක්‍ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් 19 වන දින පවත්වන ලදි.
රටක් ලෙස ඉදිරියට යා හැක්කේ කිසිදු අභියෝගයක් හමුවේ නොසැළි තිර
අදිටනින් තම වගකීම් ඉටු කිරීමෙන් පමණයි
රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකාට එරෙහිව සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව, කිසිදු අභියෝගයක් හමුවේ නොසැළි, තිර අදිටනින් සහ එකම අරමුණකින් යුතුව සියලු දෙනා තමන් වෙත පැවරී ඇති වගකීම් ඉටු කිරීමෙන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


















