පසුගිය පුවත්
මානුෂීය මෙහෙයුම් සඳහා පැමිණි ඇමරිකානු හා ඉන්දීය
ගුවන් හමුදා යානා දිවයිනෙන් පිටත් වෙයි
දිවයිනට බලපෑ 'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ මෙරට ක්‍රියාත්මක කෙරුණු සහන සේවා කටයුතුවලට සමගාමිව විශේෂ ගුවන් මෙහෙයුම්, මුදවා ගැනිමේ මෙහෙයුම් හා ආපදා සහන සේවා කටයුතු සඳහා විවිධ රටවලින් මහඟු දායකත්වයක් ලබා දුන් අතර, පසුගිය දෙසැම්බර් 07 වන දින සිට දෙසැම්බර් 13 වන දින දක්වා කාලසීමාව තුල ආපදා සහන සේවා කටයුතු සඳහා සහාය වීමේ අරමුණින් ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් C-130J ගුවන් යානා දෙකක් සමඟින් මැරීන් භටයන් 60 දෙනෙකුගෙන් සමන්විත සහන සේවා කණ්ඩායමක් දිවයිනට ළඟා විය.
‘‘Clean Sri Lanka’’ වැඩසටහන යටතේ යුද හමුදා භට පිරිස්
වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුමක
"Clean Sri Lanka" ජාතික වැඩසටහනට සමගාමීව, පසුගියදා (දෙසැම්බර් 10 ) වන දින මුලතිව් සහ කොකිලායි වෙරළ තීරයන්හි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී. ශ්‍රී ලංකා යුද හමුදා 59 වන සේනාංකයට අයත් 591 වන පාබල බලසේනාවේ භට පිරිස් 450ක් පමණ මෙම පරිසර හිතකාමී වැඩසටහන සඳහා සක්‍රීයව දායක වූහ.
ආපදාවට ලක්වූවන්ට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බලකා සංග්‍රාමික යතුරු පැදි බලඝණයේ සහාය
ආපදා තත්ත්වයන් හේතුවෙන් ගමනා ගමන කටයුතු සිදුකිරීමට අපහසු පුස්සැල්ලාව සිට ෆ්‍රොටොෆ්ට් වතුයාය දක්වා වන ප්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බලකා සංග්‍රාමික යතුරු පැදි බලඝණයේ යතුරු පැදි අටක් යොදවනු ලැබූ අතර, ඔවුන් විසින් කමිල්තාන් ප්‍රදේශයේ පවුල් 48 ක් සඳහා ද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙන ලදි.
ඉන්දීය හමුදාවේ 60 පැරෂුට් ක්ෂේත්‍ර රෝහල විසින් සපයන ලද මානුෂීය සත්කාර සේවය ඇඟයීමට ලක්කරයි
දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට ඇතිවූ ආපදා තත්ත්වයන්ට සහන සේවා වෛද්‍ය ආධාර ලබාදීම සඳහා ඉන්දීය හමුදාවේ 60 පැරෂුට් ක්ෂේත්‍ර රෝහල විසින් සපයන ලද මානුෂීය සත්කාර සහ වෘත්තීය විශිෂ්ටත්වය අඟයමින් මෙරටට පැමිණි එම ඉන්දීය කණ්ඩායම ඇඟයීමට ලක්කිරීමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් 14 වන දින පනාගොඩ, යුද්ධ හමුදා ජනපදයේදී පවත්වන ලදී.
ජාතිය ගොඩනැගීමේ කාර්යය සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බලප්‍රදේශයේ යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වය
යුද්ධ හමුදාධිපතිතුමන් නිරීක්‍ෂණය කරයි
යුද්ධ හමුදා භටපිරිස්හි සහාය ඇතිව ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බලප්‍රදේශයේ සිදුකරනු ලබන ජාතිය ගොඩනැගීමේ කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 දෙසැම්බර් මස 13 සහ 14 යන දිනයන්හිදී එම බලප්‍රදේශයේ නිල සංචාරයක නිරත විය.
ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය වෙත ලැබුණු වෛද්‍ය උපකරණ අනුරාධපුර ශික්‍ෂණ රෝහල සහ මාරවිල මූලික රෝහල වෙත භාර දෙයි
ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ සම්බන්ධීකරණය යටතේ, ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත ලැබුණු වෛද්‍ය ආධාර තොගයක් රජයේ රෝහල් දෙකක් වෙත නිල වශයෙන් භාර දෙන ලදි.
රට යළි ගොඩනගනවා යන තිර අදිටනින් යුතුව එක්ව කටයුතු කරමු
පසුගියදා මුහුණ දීමට සිදු වූ ව්‍යසනය ස්ථාවර සහ ක්‍රමිකව ගොඩනගමින් තිබු මෙරට ආර්ථිකයට එල්ල වූ ප්‍රබල ප්‍රහාරයක් බවත්, එවන් අභියෝගයක් හමුවේ සියලු දෙනා වෙත පැවරෙන වගකීම වන්නේ පලා යාම හෝ කණස්සලට පත් වී කම්පාවෙන් බලා සිටීම නොව රට යළි ගොඩනගනවා යන තිර අදිටනින් යුතුව එක්ව කටයුතු කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය විසින් කන්තලේ මූලික
රෝහල වෙත වෛද්‍ය උපකරණ තොගයක් භාරදෙයි
ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය වෙත ලැබුණු වෛද්‍ය උපකරණ තොගයක් කන්තලේ මූලික රෝහල වෙත අද (දෙසැම්බර් 13) දින නිලවශයෙන් භාරදෙන ලදි.
ජාතික ආපදා සහන මෙහෙයුම් සඳහා Hayleys සමූහ ව්‍යාපාරයට අයත් Dipped Products PLC සමාගමෙන් ආරක්‍ෂිත අත්වැසුම් 50,000ක් පරිත්‍යාග කරයි
Hayleys සමූහ ව්‍යාපාරයට අයත් Dipped Products PLC සමාගම විසින් ආපදා සහන මෙහෙයුම් වෙනුවෙන් භාවිතා කළ හැකි කර්මාන්ත ශ්‍රේණියේ ආරක්‍ෂිත අත්වැසුම් 50,000 ක තොගයක් අද (දෙසැම්බර් 12) දින ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.
නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මණ්ඩලයේ නව පත්වීම් ලබන ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි
නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුලස්ථානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මණ්ඩලයේ නව ආරක්‍ෂක උපදේශක වශයෙන් පත්වීම් ලබන එයාර් කොමඩෝර් අසේල ජයසේකර, අද (දෙසැම්බර් 12) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවී සුහද සාකච්ඡාවක නිරත විය.
විදේශ සහන ආධාර (සැපයුම්) සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුව (HL-FRAC) කටයුතු අරඹමින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ගබඩා සංකීර්ණය පරික්‍ෂා කරයි
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අද (දෙසැම්බර් 12) දින, ආපදා සහන ආධාර ගබඩා කිරීමේ සහ බෙදාහැරීමේ ක්‍රියාවලිය නිරීක්‍ෂණය කිරීමේ අරමුණින් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (NDRSC) විසින් මෙහෙයවනු ලබන ඔරුගොඩවත්ත ගබඩා සංකීර්ණයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.
ආපදා සහන කටයුතු සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශ
සේවා වනිතා ඒකකයට පරිත්‍යාගයක්
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පවුල්වල දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ලබාදීම වෙනුවෙන් වටිනා ළදරු ඇඳන් තොගයක් ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයට ලබාදීම අද (දෙසැම්බර් 11) දින සිදුවන ලදි.
ආපදාවට පත් ජනතාව වෙනුවෙන් Platypus Link සහ Texlin Global සමාගම් වෙතින් ආධාර තොගයක් පරිත්‍යාග කරයි
Platypus Link (පුද්) සමාගම සහ Texlin Global (පුද්) සමාගම එක්ව දිවයින පුරා ගංවතුර හා නායයෑම් හේතුවෙන් ආපදාවට ලක් වූවන් වෙත ලබාදීමට අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරන ලදි.
Blue Skies Aviation Solutions (Pvt) Ltd වෙතින් ජාතික ආපදා සහන මෙහෙයුම් ශක්තිමත් කිරීමට ගුවන්යානා සඳහා භාවිතා කෙරෙන ලිහිසි තෙල් තොගයක් පරිත්‍යාග කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගුවන් සේවා සැපයුම්කරුවෙකු වන Blue Skies Aviation Solutions (Pvt) Ltd වෙතින්, ගුවන් යානා සඳහා භාවිතා කෙරෙන රුපියල් මිලියන 5ක් වටිනා ලිහිසි තෙල් තොගයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පරිත්‍යාග කරමින් ජාතික ආපදා සහන මෙහෙයුම් සඳහා සිය දායකත්වය ලබා දී තිබේ.
කොළඹ නාලන්දා විද්‍යාලීය ආදි සිසුන් විසින් ආපදා සහන ආධාර
තොගයක් ආරක්‍ෂක අමාත්‍යාංශයට භාර දෙයි
කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් පසුගියදා ඇති වූ ස්වාභාවික ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව වෙත ලබාදීමේ අරමුණින් සහන ද්‍රව්‍ය තොගයක් අද (දෙසැම්බර් 10) දින ආරක්‍ෂක අමාත්‍යාංශයට නිල වශයෙන් භාර දෙන ලදි.
ආපදා සහන සේවා මෙහෙයුම් කටයුතු නිරීක්‍ෂණය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් හලාවත ප්‍රදේශයේ නිල සංචාරයක
අඛණ්ඩව සිදුකරනු ලබන ආපදා සහන සේවා කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 දෙසැම්බර් මස 10 වන දින හලාවත ප්‍රදේශයේ නිල සංචාරයක නිරත විය.
රුසියාවෙන් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර තොගයක් පරිත්‍යාග කරයි
පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාව වෙත රුසියානු සමූහාණ්ඩුවෙන් මෙරටට ලබාදෙන මානුෂීය ආධාර තොගයක් අද (දෙසැම්බර් 10) දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැවති කෙටි උත්සවයකදී ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් භාර දෙන ලදි.
DSCSC අධ්‍යයන කාර්ය මණ්ඩලය වෙත
අධ්‍යනය කටයුතු සඳහා iPad ලබා දෙයි
ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) කළමනාකරණ මණ්ඩලයේ සභාපති සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික)අද (දෙසැම්බර් 10) ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයට නව iPad 22 ක් නිල වශයෙන් ලබා දෙන ලදි.
ආරක්‍ෂක ලේකම්වරයා DSCSCහිදී දේශනයක් පවත්වයි
ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අද (දෙසැම්බර් 10) ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) පාඨමාලා අංක 19 හි පාඨමාලා සාමාජිකයන් හට දේශනයක් පැවැත්වීය.
සුළි කුණාටුවෙන් සිදුවූ හානියෙන් පසු හදිසි වාරිමාර්ග අලුත්වැඩියාවන් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහාය
දිස්ත්‍රික්ක රැසකට පුළුල් හානියක් සිදු කළ සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ වාරිමාර්ග පද්ධති කිහිපයක හදිසි ප්‍රතිසංස්කරණ කටයුතු වලට සහායවීම සඳහා ශ්‍රී ලංකා හමුදාව යොදවා ඇත.
ආපදා තත්ත්වයෙන් පසු සිදු කෙරෙන අත්‍යවශ්‍ය සහන සේවා මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අඛණ්ඩ සහාය
පසුගිය දින වල දිවයිනට බල පෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ජාතික ආපදා තත්ත්වයෙන් පසු රට යළි යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය අඛණ්ඩ කැපවීම තහවුරු කර සිටි. ඊට අදාළව අත්‍යවශ්‍ය ප්‍රජා සහන සේවා සහ හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමට සහාය වීමේ අරමුණින් දිස්ත්‍රික්ක කිහිපයක ක්‍රියාත්මක විවිධ ක්‍රියාකාරකම් සඳහා යුද්ධ හමුදා භට පිරිස් අනුයුක්ත කොට තිබේ.
සහන සැපයුම් රැගෙන ඉන්දීය නාවික නෞකා මෙරටට
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට මානුෂීය ආධාර සැපයීම සඳහා INS Gharial ඇතුළු ඉන්දීය නාවික නෞකා හතරක් සහ (L-51, L-54 සහ L-57) දෙසැම්බර් 07 සහ 08 යන දිනවල ශ්‍රී ලංකාවට ළඟා විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොළඹ සහ ත්‍රිකුණාමලය වරායන්හිදී සම්ප්‍රදායික නාවික චාරිත්‍රය සහිතව එම නැව් පිළිගනු ලැබීය.
ඉන්දීය ගුවන් හමුදාවට අයත් තවත් MI-17V5 හෙලිකොප්ටරයක් ශ්‍රී ලංකාවේ
ආපදා සහන මෙහෙයුම් සඳහා එක්වෙයි
මෙරට අඛණ්ඩව සිදු කෙරෙන ආපදා සහන මෙහෙයුම් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දීය ගුවන් හමුදාවට අයත් තවත් Mi-17 (V5) හෙලිකොප්ටරයක් ඊයේ (දෙසැ. 09) දින ශ්‍රී ලංකාවට පැමිණි බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය අංශය තහවුරු කරයි.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් රචිත ග්‍රන්ථයක් කොළඹදී එළිදක්වයි
හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් රචිත "The Army Commander’s Promise to the Nation - I Shall Not Leave This War Behind to the Next Army Commander" නම් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ඊයේ (දෙසැම්බර් 09) සවස කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව අකුරේගොඩ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ නව මූලස්ථානය ස්ථාපනය කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව අද (දෙසැම්බර් 09) දින මෙරට නාවික ඉතිහාසයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සහ නාවික හමුදාවේ 75 වන සංවත්සරය සමරමින්, අකුරේගොඩ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ අභිනව නාවික හමුදා මූලස්ථානයට නිල වශයෙන් ස්ථාපනය කරනු ලැබීය.

















