පසුගිය පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

සෞදි අරාබි රාජධානිය සහ ශ්‍රී ලංකාව, දෙරටේ නාවික ධාරිතාවන් ඉහළ නැංවීමේ මුලපිරීම් පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

ලෝක ආරක්‍ෂක ප්‍රදර්ශනය - 2026 (World Defence Show) සඳහා සහභාගී වීමට සෞදි අරාබියේ නිළ සංචාරයක නිරත වූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ සෞදි අරාබි නියෝජ්‍ය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් Fahad Al Ghofaily අතර නිළ හමුවක් පසුගියදා පැවැත්විණි. මෙහිදී දෙරට අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව අවධානය යොමු වූ අතර, මෑතකාලීන ජාතික ආපදාවන්හිදී සෞදි අරාබිය ලබාදුන් සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය හා ජනතාව වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාලයීය (SLCOMM) සැසිවාරයේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා රජයේ ඇති කැපවීම අවධාරණය කරයි

ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාලය (SLCOMM), ආරක්‍ෂක වෛද්‍ය රාමුව තුළ ප්‍රධානතම ආයතනයක් ලෙස ඉස්මතු වී තිබේ. අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය, පර්යේෂණ, පුහුණුව සහ ප්‍රතිපත්තිමය දායකත්වය වෙනුවෙන් එම විද්‍යාලය දක්වන නොසැලෙන කැපවීම, ත්‍රිවිධ හමුදාවේ වෛද්‍යමය සූදානම ශක්තිමත් කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටුකර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය ආරක්‍ෂක සබඳතා තවදුරටත් ශක්තිමත්
කිරීමට ඇති කැපවීම යළිත් තහවුරු කරයි

සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි එරට ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්වූ ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡාවකින් අනතුරුව, ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජධානිය අතර ආරක්‍ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඇති කැපවීම යළිත් තහවුරු කර තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යංශයේ කාර්තුමය ඒකාබද්ධ ප්‍රගති සමාලෝචන රැස්වීම
ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ

ආරක්‍ෂක අමාත්‍යංශයේ 2025 වසරේ සිව්වන කාර්තුව සඳහා වූ ඒකාබද්ධ ප්‍රගති සමාලෝචන රැස්වීම, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ සහ මුදල් අමාත්‍යංශයේ ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එස්. හේමන්ත කුමාර මහතාගේ සම-සභාපතීත්වයෙන් අද (පෙබරවාරි 13) දින පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

MILAN - 26 හා ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය 2026 බහුපාර්ශ්වික නාවික අභ්‍යාසයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ නන්දිමිත්‍ර දිවයිනෙන් පිටත්වෙයි

ඉන්දීයානු නාවික හමුදාව විසින් 13 වැනි වරට සංවිධානය කරනු ලබන MILAN - 26 හා ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය - 2026, බහුපාර්ශික නාවික අභ්‍යාසය , මෙවර ඉන්දියාවේ විසාකාපට්නම් වරාය හා බෙංගාල බොක්ක ආශ්‍රිත නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් 2026 පෙබරවාරි මස 18 වැනි දින සිට 26 වැනි දින දක්වා පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ නන්දිමිත්‍ර නෞකා ද්විත්වය 2026 පෙබරවාරි මස 11 වැනි දින කොළඹ වරායෙන් දිවයිනෙන් පිටත් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙළඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් මඟින් මාස 4ක කාලයකදී ඇමෙරිකානු ඩොලර් 598,250 ක විදේශීය විනිමය උපයයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්‍ෂක සමාගම් සමඟ ගිවිසුම්ගත වෙමින්, වෙළඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් කටයුතු (Onboard Security Team - OBST) ස්වාධීනව සිදුකිරීම 2025 ඔක්තෝබර් මස 03 වන දින ආරම්භ කල අතර, ගත වු මාස හතරක (04) කාලය තුල සිදුකල එම මෙහෙයුම් 323ක් මඟින්, ඇමෙරිකානු ඩොලර් 598,250ක විදේශීය විනිමය සෘජුවම උපයා, එම ආදායම ජාතික සුභසිද්ධිය වෙනුවෙන් ලබා දීමට සමත් විය. මේ සම්භන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්ගේ ප්‍රධානත්වයෙන් 2026 පෙබරවාරි මස 11 දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්ථමේන්තුවේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම්වරයා කොළඹ පැවැති ඉරාන ජාතික දින සැමරුම්
උත්සවයට සහභාගී වෙයි

ඉරාන ඉස්ලාමීය ජනරජයේ විප්ලවීය ජයග්‍රහණයේ 47 වැනි සංවත්සර සැමරුම් උත්සවය ඊයේ (පෙබරවාරි 11) දින කොළඹ ITC Ratnadeepa හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු අතර, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) එහි විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වූයේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ සහ සවුදි අරාබියේ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරුන්
ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ සවුදි අරාබි රාජ්‍යයේ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, අතිගරු Abdulrahman bin Ayyaf Al-Muqrin කුමරු අතර ද්විපාර්ශ්වික හමුවක් පසුගිය පෙබරවාරි 09 වන දින සවුදි රාජ්‍යයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි. නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් ජයසේකර, සවුදි අරාබියේ රියාද් නුවර පැවැත්වෙන ලෝක ආරක්‍ෂක ප්‍රදර්ශනය සඳහා සහභාගී වීමට ගිය නිල සංචාරය අතරතුරදී මෙම හමුව පැවැත්විණ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

2026 වසර “නීතිය ඉදිරියේ සැවොම සමානයි” යන්නට පණ දෙන වසරක්

නීතියේ විධානයේ ආධිපත්‍යය බිඳවැටුණු කිසිදු රටක් සංවර්ධනය අත්පත් කර ගෙන නොමැති බවත්, නීතිය බිඳ වැටුණු රටක බලය හොබවන්නේ අපරාධකරුවන් බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු වු රටක් ගොඩනැඟීම වෙනුවෙන් වත්මන් රජය කැප වී සිටින බවත්, 2026 වසර “නීතිය ඉදිරියේ සැවොම සමානයි” යන්නට පණ දෙන වසරක් බවත් සඳහන් කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා රියාද් හි පැවැත්වෙන 2026 ලෝක ආරක්‍ෂක ප්‍රදර්ශනයට සහභාගී වෙයි

සෞදි අරාබි රාජ්‍යයේ නිල ආරාධනයකට අනුව එරට රියාද් නුවර පැවැත්වෙන 2026 ලෝක ආරක්‍ෂක ප්‍රදර්ශනයට එක්වීම සඳහා, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) නිල සංචාරයක නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ 2026 වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වේ

ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ 2026 වාර්ෂික මහා සභා රැස්වීම අද දින (පෙබරවාරි 10) ආරක්‍ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දේශීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් පිරිසක්
ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

දේශීය ගුවන් සේවාවන්හි මෙහෙයුම්වලට බලපාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද දින (පෙබරවාරි 10) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම්වරයා චීන අලුත් අවුරුදු සැමරුම් උත්සවයට සහභාගී වෙයි

කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී ඊයේ (පෙබරවාරි 09) පැවති චීන අලුත් අවුරුදු සැමරුම් උත්සවය සඳහා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද සහභාගී වූයේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පශ්චාත් ආපදා අවශ්‍යතා තක්සේරු කිරීමේ (PDNA) වැඩමුළුවේදී ආපදාවන්ට ඔරොත්තු දිය හැකි ශක්තිමත් ප්‍රතිසාධන ක්‍රියාවලියක් සඳහා වන කැපවීම ආරක්‍ෂක ලේකම්වරයා යළි තහවුරු කරයි

‍"දිට්වා" සුළි කුණාටුවේ බලපෑම පිළිබඳ පශ්චාත් ආපදා අවශ්‍යතා තක්සේරු කිරීම් (PDNA) තහවුරු කිරීමේ සහ අවසන් කිරීමේ වැඩමුළුව, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (පෙබරවාරි 09) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රණක්‍ෂිතයට පත් රණවිරුවෝ දෙව්නිමෝරි සර්වඥ ධාතූන්
වහන්සේලා වැඳපුදා ගනිති

රාගම රණවිරු සෙවන, අභිමංසල සහ මිහිඳු සෙත් මැදුර යන සුවසහන නිකේතනවල නේවාසිකව ප්‍රතිකාර ලබමින් සහ පුනරුත්ථාපනය වෙමින් පසුවන රණවිරුවන් පිරිසක්, අද (පෙබරවාරි 08) දින ඉන්දියාවේ සිට වැඩම කොට කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ප්‍රදර්ශනය කෙරෙන දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීම සඳහා එක් වූහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වේ

පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (පෙබරවාරි 06) ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මේ සඳහා අදාළ ප්‍රධාන පාර්ශ්වකාර ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

2027 වසර සඳහා වන නව ව්‍යාපෘති යෝජනා සැකසීම පිළිබඳ සාකච්ඡාවක්
ආරක්‍ෂක අමාත්‍යාංශයේදී

2027 වර්ෂය සඳහා නව ව්‍යාපෘති යෝජනා සකස් කිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ආරක්‍ෂක අමාත්‍යාංශ නිලධාරීන් ගේ සහභාගිත්වයෙන් අද (පෙබරවාරි 06) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද සහභාගී වුයේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS GHARIAL’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS GHARIAL’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා 2026 පෙබරවාරි මස 04 වැනි දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා නිදහස් ආර පැරෂුට් පැනීමේ (Skydiving) මෙහෙයුම් ප්‍රවර්ධනය පිළිබඳ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාව තුළ නිදහස් ආර පැරෂුට් පැනීමේ (Skydiving) මෙහෙයුම් හඳුන්වාදීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක්, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (පෙබරවාරි 05) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාලදිවයින් මහ කොමසාරිස්වරයා ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් අතිගරු H.E. Masood Imad අද (පෙබරවාරි 05) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉතාලි ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

නවදිල්ලියේ ඉතාලි තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකාව සඳහා ද කටයුතු කරනු ලබන ආරක්‍ෂක උපදේශක, කපිතාන් Armando Paolo SIMI (නාවික) අද (පෙබ. 05) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විදේශ ආපදා සහනාධාර සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වේ

විදේශ ආපදා සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කමිටුව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (පෙබ. 03) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් වෙනුවෙන් පැවැති සුහද හමුවකට
ආරක්‍ෂක ලේකම්වරයා සහභාගී වෙයි

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අද (පෙබරවාරි 04) දින කොළඹ සීනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ සුහද හමුවකට සහභාගී වුයේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

“ගොඩනඟමු ශ්‍රී ලංකා”

අභිමානවත් ඉතිහාසයේ සාරය මත ගොඩනැඟෙන නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එක්ව කැප වෙමු.


පසුගිය පුවත් | පසුගිය පුවත්

78 වන නිදහස් දිනය අභිමානවත් අයුරින් සමරයි

ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් දිනය සැමරීමේ නිල රාජ්‍ය උත්සවය “Rebuilding Sri Lanka” යන තේමාව පෙරදැරි කරගනිමින් අද (පෙබරවාරි 04) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි