තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම

තොරතුරු දැනගැනීමේ අයිතිය


තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි 8 වන වගන්තිය යටතේ ප්‍රසිද්ධ කරනු ලබන අර්ධ වාර්ෂික වාර්තාව - 2023 දෙසැම්බර්

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන වාර්ෂික වාර්තාව - 2021 වර්ෂය

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ නිකුත් කරනු ලබන අර්ධ වාර්ෂික වාර්තාව 2022 - දෙසැම්බර්

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ නිකුත් කරනු ලබන වාර්ෂික වාර්තාව 2020

අමාත්‍යාංශය තුළ ස්ථාපිත අංශයන්, අතිරේක ලේකම්වරුන්/ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්/ සහකාර ලේකම්වරුන්, විධායක කාණ්ඩයේ නිලධාරීන් පිළිබඳ විස්තර

තොරතුරු වලට ප්‍රවේශ වීමේ පටිපාටිය

පනත - 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත

නියෝග - 2017 පෙබරවාරි 03 දින හා අංක 2004/66 දරන අති විශේෂ ගැසට් පත්‍රය

රීති - 2017 පෙබරවාරි 17 දින හා අංක 2006/43 දරන අති විශේෂ ගැසට් පත්‍රය


පොදු අධිකාරිය - ආරක්ෂක අමාත්‍යංශය

ඉහත පනත යටතේ ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා පනතේ සඳහන් තොරතුරු නිලධාරියා වෙත RTI 01 දරන අයදුම්පත්‍රය මගින් අයදුම් කළ හැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරිම අනිවාර්ය නොවේ.

තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය භාගත කිරීම


තොරතුරු ලබාගැනීමට ඉල්ලුම් කිරිම

  1. තොරතුරු ලබාගැනීමට ලිඛිත RT-01 අයදුම්පත්‍රය හෝ ලිපියක් වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න.
  2. ඔබේ ඉල්ලීමට අදාල තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුවද දින 14 ක් තුළ දන්වනු ලැබේ.
  3. ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභාව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය දන්වා එවනු ඇත. තොරතුරු ලබාගැනීමට ගෙවීමක් කළයුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14 ක් තුළ ‍තොරතුරු ලබාදෙනු ඇත.
  4. ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේනම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝකිරිමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත.
  5. තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම් යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් තුල සිදුකරනු ඇත.
  6. තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,
    1. තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරිම,
    2. පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්‍රදානය කිරිමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සදහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරිම,
    3. පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාල සීමාවන්ට අනුකූල නොවීම,
    4. සම්පූර්ණ නොවු, නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරිම,
    5. වැඩිපුර ගාස්තු අයකිරිම,
    6. ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරිම,
    7. එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘති කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම

මත අතෘප්තියට පත්වන්නේ නම්, පහත නම් සඳහන් කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය. නම් කළ නිලධාරියාගේ තීරණය දින 21 ක් තුළ දන්වනු ලැබේ.

නම් කල නිලධාරියා වෙත යවන අභියාචනා අයදුම් පත්‍රය භාගත කිරීම


තොරතුරු නිලධාරී

        මේජර් ජෙනරල් ඊ.එස්. ජයසිංහ (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී

        තොරතුරු නිලධාරී
        ආරක්‍ෂක අමාත්‍යාංශය,
        ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණය,
        ශ්‍රී ජයවර්ධනපුර,
        කෝට්ටේ.


තොරතුරු විමසීම්

        එස්.ඩබ්ලිව්. නිස්සංක මෙනෙවිය
        නීති නිලධාරී

        දුරකථන :- 0112 325 332         දිගුව        :- 10280
        ෆැක්ස්     :- 0112 478 245
        විද්‍යුත් තැපැල් ලිපිනය :- defence.legalbranch@gmail.com


නම් කළ නිලධාරී

        පී.ඩී. ඉන්දිකා එල්. විජේගුණවර්ධන මිය

ලිපිනය

        නම් කළ නිලධාරී
        අතිරේක ලේකම් (පාර්ලිමේන්තු කටයුතු හා ප්‍රතිපත්ති)
        ආරක්ෂක අමාත්‍යාංශය,
        ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණය,
        ශ්‍රී ජයවර්ධනපුර,
        කෝට්ටේ.

        දුරකථන අංක :- 011 2389023
        ෆැක්ස්     :- 011 2389022
        විද්‍යුත් තැපැල් ලිපිනය :- adisecparliament@defence.lk


නම් කළ නිලධාරී තීරණයෙන් ද ඔබ අතෘප්තියට පත් වන්නේ නම් හෝ දින 21 තුළ තීරණය නොලැබුණේ නම් තොරතුරු දැන ගැනීමේ කොමිසමට අභියාචනා කළ හැකිය.


අධ්‍යක්ෂ ජනරාල්/ සභාපති

        තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව
        කාමර අංක 203, 204 දෙවන පරිශ්‍රය
        බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව,
        බෞද්ධාලෝක මාවත, කොළඹ 07


        දුරකථන :- 011 2691625, 0112691265
        විද්‍යුත් තැපැල් ලිපිනය :- rticommission16@gmail.com


තොරතුරු දැන ගැනීමේ කොමිසම වෙත යවන අභියාචනා අයදුම් පත්‍රය භාගත කිරීම


ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ පවතින අංශ හා එහි කාර්යභාරය

අයදුම්පත්‍ර සහ වැඩිදුර විස්තර

සන්නද්ධ සේවා සාමාජිකයින්ට නේවාසික කටයුතු සඳහා ඉඩම් ලබාදීම වෙනුවෙන් ඉල්ලුම් පත්‍රය

සන්නද්ධ සේවා සාමාජිකයින්ට ඉඩම් ලබාදීමේ ක්‍රමවේදය ඇතුලත් තොරතුරු පත්‍රිකාව

සන්නද්ධ සේවා සාමාජිකයින් නේවාසික කටයුතු සඳහා භාවිතා කරන ඉඩම් සඳහා දීර්ඝකාලීන බදු බලපත්‍ර ලබාදීම වෙනුවෙන් ඉල්ලුම් පත්‍රය

සන්නද්ධ සේවා සාමාජිකයින්ට නේවාසික කටයුතු සඳහා භාවිතා කරන ඉඩම් සඳහා දීර්ඝකාලීන බදු බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය ඇතුලත් තොරතුරු පත්‍රිකාව

රණවිරුවන්ට ඉඩම් ලබාදීම සඳහා වන තාවකාලික ඉඩම් හිමිකම් සහතිකයේ ආකෘතිය

රණවිරුවන් වෙනුවෙන් ඉඩම් ලබාදීම සඳහා තෝරාගැනීමට ළකුණු සටහන් කිරිමේ පත්‍රය

රණවිරුවන්ට ලබාදෙන ඉඩම් සංවර්ධනය කිරීම සඳහා කොන්දේසි මාලාව

රණවිරුවන්ට ඉඩම් ලබාදීම සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2021/01 චක්‍රලේඛය



ක්‍රියාකාරි සැළැස්ම - 2019

ප්‍රගති වාර්ථාව - 2018

කාර්ය සාධන වාර්ථාව - 2018

අර්ධ වාර්ෂික වාර්තාව - 2019 දෙසැම්බර් 31

අයදුම්පත්‍ර සහ වැඩිදුර විස්තර

ඩ්‍රෝන ක්‍රියාත්මත කිරීමේ ප්‍රමිතීන්

ඩ්‍රෝන ලියාපදිංචි කිරීමේ අයදුම්පත්‍රය

ඩ්‍රෝන ක්‍රියාත්මත කිරිමට අනුමැතිය ලබාගැනීමේ අයදුම්පත්‍රය