“රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩසටහන මේ දිනවල යාපනය දිස්ති‍්‍රක්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර, ඒ හා සමගාමීව සංවිධානය කළ විශේෂ වැඩසටහනක් ඊයේ (27) දිනය පුරා ඩෙල්ෆ් දූපතේ දී පැවැත්විණි.
පසුගිය පුවත්
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් “රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පය යටතේ වැඩසටහන් යාපනයේදී
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ “රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පයට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වැඩසටහන් 2019 අගෝස්තු 23 වන දින සිට 26 දින දක්වා යාපනයේ සහ එහි දූපත් ආශ්‍රිතව පැවැත්විණි.
ආරක්ෂක ලේකම් “කොළඹ ආරක්ෂක සමුළුව - 2019” හි ආරම්භය සනිටුහන් කරයි
9 වන “කොළඹ ආරක්ෂක සමුළුව - 2019” අද (අගෝස්තු 29) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය. අද පෙරවරුවේ ආරම්භ වූ සමුළුවේ ආරම්භක සැසිවාරයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී විය.
කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට බර ඉසිලීමේ ජයග්‍රහණයක්
විවෘත ශක්ති බර ඉසිලීමේ තරගාවලිය - 2019 සදහා සහභාගී වූ ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල බර ඉසිලීමේ කණ්ඩායම සමස්ත පිරිමි ශූරයන් බවට පත්විය. තරගාවලිය අගෝස්තු මස 11 වන දින සහ 12 වන දින බණ්ඩාරගම මෛත්‍රී ශාලාවේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය සාකච්ඡාවක් පවත්වයි
ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය (INSSSL) විසින් පවත්වනු ලබන මාසික ආරක්‍ෂක සාකච්ඡාවේ තවත් කොටසක් අඟහරුවාදා (අගෝස්තු 27) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
පවතින කාලගුණ තත්වය තවදුරටත් එලෙසින්ම
අද (අගෝස්තු 28) දින උදෑසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද කාලගුණ වාර්තාවන්ට අනුව පවතින අයහපත් කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපය තුළද පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වර්ෂා සහිත තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ යම් දුරකට ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
රුසියාවේ නිර්මාණය කරන ලද පුපුරණ ද්‍රව්‍ය, විකිරණ සහ රසායනික ද්‍රව්‍ය සොයා ගැනීමේ විශේෂ යන්ත්‍රයක් ජනපතිට පිළිගන්වයි
රුසියාවේ විද්‍යාඥයෙකු විසින් නිර්මාණය කරන ලද පුපුරණ ද්‍රව්‍ය, විකිරණ සහ රසායනික ද්‍රව්‍ය සොයා ගැනීමේ විශේෂ යන්ත්‍රයක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (27) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ජනපතිට ඉන්ටර්පෝල් සම්මානයක්
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම ඇතුළු එම සිදුවීම හමුවේ ගත් සාර්ථක පියවර පිළිබඳ ඉන්ටර්පෝල් හි මහලේකම් ජර්ගන් ස්ටොක් මහතා Jürgen Stock ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ආරක්ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි සේවාවලට මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය වෙත සිය ප්‍රශංසාව පළ කර සිටී.
රුසියානු දූත පිරිස ආරක්‍ෂක ලේකම් හමුවෙයි
රුසියානු විද්‍යාඥ ආචාර්ය Evegeny Usachev ඇතුළු රුසියානු නියෝජිතයින් පිරිසක් ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අගහරුවාදා (අගෝස්තු 27) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමුවිය
සැම්බියානු ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සැම්බියා ජනරජයේ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරාල් ස්ටීපන් සිමුසන්දු (Brigadier General Stephen SIMUSANDU) මහතා අගහරුවාදා (අගෝ 27) ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
අනතුරට පත් නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය
වරාය පාලන අංශය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ පෙරවරුවේ (අගෝස්තු 26) ඉන්ධන ප්‍රවාහන නෞකාවක අනතුරට ලක්වු නාවිකයෙකු ගොඩබිමට ගෙන ඒම සඳහා සිය වේග ප්‍රහාරක යාත්‍රාවක් (FAC) පිටත් කර යවා ඇත.
දියකාවා යුද අභ්‍යාසය අදියර - 10 එළෙඹන සතියේ සිට ආරම්භ වේ
යුද හමුදා මාධ්‍යට අනුව අඛණ්ඩව මෙම වර්ෂයේ 10 වන වරට පැවැත්වීමට සැලසුම් කර ඇති අභ්‍යාසය සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන් 2400 ක්, නාවික හමුදා සෙබළුන් 400 ක් සහ ගුවන් හමුදා සෙබළුන් 200 දෙනෙකු සහභාගී වනු ඇත.
යාපනයේ ගුරුවරුන් වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ දැනුවත් කිරීමේ වැඩසටහනක්
යාපනයේ වේලනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගුරුවරුන් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වන ලදී.
ශ්‍රී ලංකා සහ ඉන්දියානු වෙරළාරක්ෂක බලකායන් අතර නවදිල්ලියේ දී ඉහළ මට්ටමේ රැස්වීමක්
ඉන්දියානු වෙරළාරක්‍ෂක බළකාය (ICG) සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බළකාය (SLCG) අතර සිව්වන වරට පවත්වන ලද වාර්ෂික ඉහළ පෙළ රැස්වීම පසුගියදා ඉන්දියාවේදී පැවැත්විණි.
“ 9 වන කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය” බ්‍රහස්පතින්දා ආරම්භ වේ
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර ආරක්ෂක සම්මන්ත්‍රණය වන “කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2019” බ්‍රහස්පතින්දා (අගෝස්තු 29) දින ආරම්භ වේ. අඛණ්ඩව 9 වන වරටත් දෙදිනක් පුරා පැවැත්වෙන සමුළුව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වේ.
ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාලයේ නියෝජිතයින් ආරක්ෂක ලේකම් හමුවෙයි
ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ (NDC) නියෝජිත පිරිසක් ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා සදුදා (අගෝස්තු 26) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමුවිය
www.defence.lk වෙබ් අඩවිය නව මුහුණුවරකින් ආරක්ෂක ලේකම් විසින් නිල වශයෙන් අන්තර්ජාලයට මුදා හැරේ.
ආරක්ෂක අමාත්‍යාංශ නිල වෙබ් අඩවිය www.defence.lk නව මුහුණුවරකින් නිල වශයෙන් නැවත අන්තර්ජාලයට මුදා හැරීම ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා විසින් අද (අගෝස්තු 26) දින පැවති උත්සවයකදී සිදු කරන ලදී.
SInhala.
මල්වාන සහ දොම්පේ අතර මාර්ගය හිටපු යුද හමුදාපති ජෙනරාල් හැමිල්ටන් වනසිංහගේ නමින් "ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මාවත" ලෙස නම් කර ඇත.
නාවික හමුදා නෞකාවන් විදේශීය පුහුණු මෙහෙයුමක් සඳහා පිටත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා දෙකක් පුහුණු මෙහෙයුම් සඳහා බංග්ලාදේශයේ සහ මියන්මාරයේ වරායන් බලා මෙරටින් පිටත්ව ගියහ.
ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය සාකච්ඡාවක් පවත්වයි
ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය (INSSSL) විසින් පවත්වනු ලබන මාසික ආරක්‍ෂක සාකච්ඡාවේ තවත් කොටසක් අඟහරුවාදා (අගෝස්තු 27) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් වියළි සලාක බෙදාදෙයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද සුභසාධන වැඩසටහනකදී රටේ දකුණු ප්‍රදේශයේ වෙසෙන අගහිඟකම් ඇති පවුල් කිහිපයක් සදහා වියළි සලාක බෙදාදෙනු ලැබීය. යුද හමුදා මාධ්‍යයට අනුව මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සම්බන්ධීකරණය කරන ලද වියළි සලාක බෙදාදීමේ වැඩසටහනේදී හම්බන්තොට ප්‍රදේශයේ ස්ථානගත හමුදා භට පිරිස් විසින් සුදුසුකම් ලත් පවුල් 100 ක් සදහා වියළි සලාක බෙදාදෙනු ලැබීය.
මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වෙයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී වීඑස්වී යූඑස්වී එන්ඩියූ පීඑස්සී පත් කර ඇත. යුද හමුදා මාධ්‍යයට අනුව ඔහු යුද හමුදාවේ 54 වන මාණ්ඩලික ප්‍රධානී වේ.
විශේෂ මාධ්‍ය නිවේදනයයි
හදිසි නීතිය දිර්ඝ නොකිරීම ත්‍රස්ත සංවිධාන තහනමට බල නොපායි...
හදිසි නීතිය තව දුරටත් දීර්ඝ නොකෙරේ, ආරක්‍ෂක ලේකම්
මහජන ආරක්ෂක පනතේ 12 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පවරා ඇති බලතලවලට අනුකූලව, සෑම දිස්ත්‍රික්කයකම මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා පොලීසියට සහාය වීම සඳහා ආරක්ෂක හමුදාවන් යොදා ගැනේ.