පසුගිය පුවත්
SInhala.
සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය රාජකාරි අරඹයි
ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය ලෙස සෝනියා කෝට්ටෙගොඩ මහත්මිය වැඩ භාර ගැනීම අද දින (මැයි 14 දින) උදෑසන ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවතී චාම් උත්සවයකදී සිදුවිය.
මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා උපරිමයෙන්ම කටයුතු කරයි
සියලුම පාසල්වලට ආරක්‍ෂාව සැපයීම සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව සිය උපරිමයෙන් කැපවී සිටි. මහජන ආරක්‍ෂාව සහතික කිරීම සඳහා උපරිම ආකාරයෙන් ක්‍රියාකර ඇති බැවින් බියෙන් සැකෙන් තොරව තම එදිනෙදා කටයුතු සිදුකරන ලෙස පොදු ජනතාවගෙන් ඉල්ලා සිටි.
ආරක්ෂක ලේකම් දළදා මාලිගාව වැඳපුදාගෙන මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහානාහිමිවරුන් බැහැදකි
ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස්. කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසි මහතා ඉරිදා (මැයි 12) දින දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා මහනුවර බලා පිටත්ව ගියේය.
රට නොසන්සුන් කිරීමේ උත්සාහයන්ට හසු නොවන ලෙස ජනපති සියලු දෙනාගෙන් ඉල්ලයි
රටේ වත්මන් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ සෑහීමකට පත්විය හැකි අතර අසත්‍ය සහ ජනතාව නොමඟ යවන ප්‍රකාශවලට නොරැවටි ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන ගෙන යන ලෙස ජනාධිපතිතුමා සියලු දෙනාගෙන් ඉල්ලයි.
නාවික අණ නොතකා ධාවනය කල වාහන සඳහා වෙඩි තබා ඇත
වත්තල හුනුපිටිය ප්‍රදේශයේ ස්ථාපිත කර තිබු නාවික හමුදා මුර පොලක අණ නොතකා ධාවනය කල මෝටර් රථයක් වෙත වෙඩි තැබීමට එම මුරපොලෙහි සේවයේ නියුතු නාවික හමුදා භටපිරිස් කටයුතු කර ඇත.
‘ෂර්මන්’ නෞකාව කොළඹ වරායට
ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ නෞකාව අද (මැයි 12) උදෑසන කොළඹ වරායට සේන්දු විය.
මහජන ආරක්‍ෂාව සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ආරක්‍ෂක ලේකම් පවසයි
අප්‍රේල් 21 වන දා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සියලුම පාර්ශව, ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව රටපුරා සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගෙන රටේ පැවති තත්ත්වය සාමාන්‍ය අතට පත්කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
නිවාඩු නොමැතිව සේවයට නොපැමිණි සිටින යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් ලබාදී තිබු පොදු සමා කාලය සතියකින් දීර්ඝ කෙරේ
නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින අයවළුන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිමය කටයුතු ඉටුකිරීම සඳහා ලබාදී තිබු පොදුසමා කාලය යුද්ධ හමුදා මූලස්ථානය විසින් තවත් සතියකින් දීර්ඝ කර ඇත.
SInhala.
ත්රස්තවාදය විනාශ කර යහපත් සාමකාමී රටක් ගොඩනැඟීමේ වගකීම අවංකව ඉටුකරනවා – ජනපති
ත‍්‍රස්තවාදය හේතුවෙන් තමා කිසිඳු පසුබෑමකට ලක් නොවන අතර ත‍්‍රස්තවාදය අවසන් කර, යහපත් සාමකාමී රටක් ගොඩනැඟීමේ වගකීම අවංකව ඉටුකරන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
කටුනායක ගුවන්තොටුපලේ පිවිසුමේ හා පිටවීමේ සීමා ලිහිල් කරයි
2019 අප්‍රේල් මස 21 වන දින සිට ක්‍රියාත්මක කරන ලද ආරක්‍ෂක වැඩපිළිවෙළ හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණෙන හා ඉන් පිටත්වන මගින් හට මහත් අපහසුතාවයන්ට පත් වූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.
වෙරළාරක්ෂක බලකා අධ්‍යක්ෂ ජෙනරාල් ආරක්ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා ඊයේ (මැයි 09) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
හදිසි අවස්ථාවකදී 113 අමතන ලෙස යුද්ධ හමුදාව නිවේදනය කරයි
හදිසි අවස්ථාවකදී හෝ කිසියම් සැකයකට තුඩු දෙන තොරතුරක් ලබාදීමට ඇත්නම් දුරකථන අංක 113 මගින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලය අමතන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.
සැකකරුවන්ට ඇප ලබා දීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් පරීක්‍ෂණ
සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරුණු බෝම්බකරු වන මොහමඩ් ඉබ්‍රහිම් ඉන්ෂාෆ් අහමඩ් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි පිත්තල කම්හලෙ හි හිමිකරු වේ.
කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි
ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති, එයාර් වයිස් මාර්ෂල් එච්එම්එස්කේබී කොටකදෙණිය අද (මැයි 09) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී එන්ඩිසී අමාත්‍යාංශ පරිශ්‍රයේ දී හමුවිය.
ත්රස්තවාදය විනාශ කර යහපත් සාමකාමී රටක් ගොඩනැඟීමේ වගකීම අවංකව ඉටුකරනවා – ජනපති
ත‍්‍රස්තවාදය හේතුවෙන් තමා කිසිඳු පසුබෑමකට ලක් නොවන අතර ත‍්‍රස්තවාදය අවසන් කර, යහපත් සාමකාමී රටක් ගොඩනැඟීමේ වගකීම අවංකව ඉටුකරන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
අන්තවාදීන්ගේ පුහුණු කඳවුරු කිහිපයක් වටලයි
අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් තම පුහුණු කටයුතු සඳහා භාවිතා කල බවට සැකකෙරෙන වාලච්චේන පොලිස් කොට්ඨාසයේ රිදීතැන්න ප්‍රදේශයේ අක්කර 25 ක පමණ භූමි ප්‍රදේශයක සඳුදා (මැයි 06) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව සෝදිසි මෙහෙයුමක් දියත්කරන ලදී.
යුරෝපා සංගමයේ තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති ටුන්ග් ලායි මාර්ගු (HE Mr. Tung-Lai Margue) මැතිතුමන් ප්‍රමුක යුරෝපා සංගම් නියෝජිත පිරිසක් අඟහරුවාදා (මැයි 07) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී එන්ඩිසි අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තුවේ දී සිදු කළ කථාව
මේ සිදුවීම සිදු වූ අප්‍රේල් 21 දා, කවුරුත් දන්නා පරිදි එය මා දැඩි විවේචනයට ලක් වූ කරුණක් බවට පත්වුනා. අප්‍රේල් 21 මා සිංගප්පූරුවේ සිටින විටයි උදේ 10 ට පමණ මේ සිදුවීම පිළිබඳව මට වාර්තා වුනේ. ඒ අවස්ථාවේදීම මා කල්පනා කළේ මට ඇතිවෙච්ච දැඩි තැති ගැන්ම සමඟ දැඩි වේදනාවක් සමඟ මේ සිදුවීම කෙසේ සිදුවුනා ද කියන කාරණය.
මාධ්‍ය නිවේදනය
ආරක්ෂක අංශ විසින් නිවාස සහ පොදු ස්ථාන පරීක්ෂා කිරීමේ දී එම අවස්ථා මාධ්‍ය ආවරණය සහ මාධ්‍ය මඟින් විකාශය කිරීමෙන් වළකින ලෙස ඉල්ලීමක් කෙරේ.
SInhala.
චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක, ජේෂ්ඨ කර්නල් සූ ජියෑන්වී (Senior Colonel Xu Jianwei) මහතා සඳුදා (මැයි 06) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස් එච් එස් කොට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
අන්තවාදී ත්‍රස්තවාදය විනාශ කිරීම ආරක්ෂක හමුදාව සිදු කරද්දී බහුජන සමාජයක සංහිඳියාව සුරැකීමේ වගකීම ආගමික නායකයන්ට පැවරෙන බව ජනපති පවසයි.
අන්තවාදී ම්ලේච්ඡ ත්‍රස්තවාදය ශ්‍රී ලංකා මාතෘභූමියෙන් මුලිනුපුටා දැමීම ස්ථීර වශයෙන්ම අපගේ ආරක්ෂක හමුදාව ඉතා කෙටි කලකින් ඉටුකරනු ඇති බව සඳහන් කරන ජනාධිපතිතුමා රටේ ජනතාව අතර විශ්වාසය පළුදුවීමට ඉඩ නොතබා සියලු ජන කොටස් අතර අවබෝධය සහ සහෝදරත්වය ගොඩනැංවීමේ වැඩපිළිවෙළ ආගමික නායකයන්ට පැවරෙන බව සඳහන් කරයි.
මහජන ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය සියලු ආරක්ෂක පියවර ගෙන තිබේ
පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙහෙස නොබලා කටයුතු කළ බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී මහතා ඊයේ (මැයි 06) සවස අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.