පුවත් සහ සිදුවීම්   ආරක්‍ෂක ලේකම් පුවත්

ආරක්‍ෂක ලේකම් පුවත්

ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

නෙළුම් කුලුන ජනපතිතුමන් අතින් විවෘත කෙරේ.

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ‘නෙළුම් කුළුණ’ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද දින  (2019 සැප්තැම්බර් 16) විවෘත කරන ලදී.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සාමාජිකයින් සහ පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු සංඝයා වහන්සේලා ආරක්ෂක ලේකම් හමුවෙයි.

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උපවාසයේ නිරත රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සාමාජිකයින් සහ පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු සංඝයා වහන්සේලා අද (සැප්තැම්බර් 16) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවිය.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

උදාරයි ඔබ සංගීත ප්‍රසංගය අති සාර්ථකව නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විනි

සංගීතයට පෙම්බැඳි සුවහසක් සංගීත ලෝලී රසික රසිකාවියන් වෙත මෙතෙක් නොලද නව සංගීතමය අත්දැකීමක් තිලිණ කරමින් උදාරයි ඔබ සංගීත ප්‍රසංගය අද (සැප්තැම්බර් 14) දින සවස නෙලුම් පොකුණ රඟහලේදී සාර්ථකව පවත්වන ලදී.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව ඇරඹේ

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය (KDU) විසින් සංවිධානය කරනු ලබන 12 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව අද දින (සැප්තැම්බර් 11) කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ආරම්භ විය.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

ආරක්‍ෂක ලේකම් බංග්ලාදේශ නාවික නෞකාවේ සංචාරයක.

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා දින හතරක සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බංග්ලාදේශ නාවික නෞකා සොමුද්‍රා අවිජාන් ('Somudra Avijan') නෞකාවේ ඊයේ දින (සැප්තැම්බර් 09) සංචාරයක නිරත විය


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

ආරක්ෂක ලේකම් අකුරේගොඩ ආරක්ෂක සේවා මූලස්ථාන සංකීර්ණ ව්‍යාපෘතියේ වැඩ පරීක්ෂා කිරීමේ සංචාරයක

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අද දින (සැප්තැම්බර් 07) අකුරේගොඩ පිහිටි ආරක්ෂක සේවා මූලස්ථාන සංකීර්ණ ව්‍යාපෘතියේ වැඩ පරීක්ෂා කිරීමේ සංචාරයක නිරත විය.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සජාඩ් අලී (Colonel Sajjad Ali) මහතා අද දින (සැප්තැම්බර් 04) ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

ඕස්ට්‍රේලියානු මිනිස් ජාවාරම් වැළැක්වීමේ නියෝජිත කණ්ඩායම ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් සහ ආරක්‍ෂක ලේකම්තුමන් හමුවෙයි

ඕස්ට්‍රේලියානු ඒකාබද්ධ කාර්ය බලකායේ ස්වෛරී දේශසීමා මෙහෙයුම් අණ දෙන නිලධාරී මේජර් ජෙනරාල් ක්‍රේග් ෆුරිනි (Major General Craig Furini) මහතා ඇතුළු ඕස්ට්‍රේලියානු රජයේ නියෝජිත කණ්ඩායමක් පුද්ගල ජාවාරම් සම්බන්ධ කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සදහා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ගරු. රුවන් විජේවර්ධන මහතා සැප්තැම්බර් 03 වන දින අමාත්‍යාංශ පරිශ්‍රයේ දී හමුවිය


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

නව යුධ හමුදාපතිවරයා ආරක්ෂක ලේකම්තුමන් හමුවෙයි

නව යුධ හමුදාපති ලෙස පත් වූ ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (සැප්තැම්බර් 03) දින පෙරවරුවේ ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමු විය.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

විශේෂ කාර්ය බලකා රණවිරු සැමරුම් උත්සවය ආරක්ෂක ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන්

කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී අද දින (සැප්තැම්බර් 01) පැවති 35 වන විශේෂ කාර්ය බලකා රණවිරු සැමරුම් උත්සවය සදහා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා සහභාගී විය.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

ආරක්ෂක ලේකම් “කොළඹ ආරක්‍ෂක සමුළුව - 2019” හි ආරම්භය සනිටුහන් කරයි

9 වන “කොළඹ ආරක්ෂක සමුළුව - 2019” අද (අගෝස්තු 29) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය. අද පෙරවරුවේ ආරම්භ වූ සමුළුවේ ආරම්භක සැසිවාරයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී විය.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය සාකච්ඡාවක් පවත්වයි

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය (INSSSL) විසින් පවත්වනු ලබන මාසික ආරක්‍ෂක සාකච්ඡාවේ තවත් කොටසක් අඟහරුවාදා (අගෝස්තු 27) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

රුසියානු දූත පිරිස ආරක්‍ෂක ලේකම් හමුවෙයි

රුසියානු විද්‍යාඥ ආචාර්ය Evegeny Usachev ඇතුළු රුසියානු නියෝජිතයින් පිරිසක් ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අගහරුවාදා (අගෝස්තු 27) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමුවිය


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

සැම්බියානු ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සැම්බියා ජනරජයේ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරාල් ස්ටීපන් සිමුසන්දු (Brigadier General Stephen SIMUSANDU) මහතා අගහරුවාදා (අගෝ 27) ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාලයේ නියෝජිතයින් ආරක්ෂක ලේකම් හමුවෙයි

ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ (NDC) නියෝජිත පිරිසක් ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා සදුදා (අගෝස්තු 26) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමුවිය


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

www.defence.lk වෙබ් අඩවිය නව මුහුණුවරකින් ආරක්ෂක ලේකම් විසින් නිල වශයෙන් අන්තර්ජාලයට මුදා හැරේ.

ආරක්ෂක අමාත්‍යාංශ නිල වෙබ් අඩවිය www.defence.lk නව මුහුණුවරකින් නිල වශයෙන් නැවත අන්තර්ජාලයට මුදා හැරීම ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා විසින් අද (අගෝස්තු 26) දින පැවති උත්සවයකදී සිදු කරන ලදී.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

බෙල්ලන්විල පෙරහැරේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ආරක්‍ෂක ලේකම්තුමන් විශේෂ රැස්වීමක් කැඳවයි

අද (අගෝස්තු 23) දින එළඹෙන බෙල්ලන්විල ඇසල පෙරහැරේ ආරක්ෂක විධිවිධානයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ(විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා විසින් විශේෂ රැස්වීමක් කැඳවන ලදී. මෙම රැස්වීමට ආරක්ෂක අංශ සහ පොලීසියේ නිලධාරීන් සහභාගී වූහ


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

හදට හදක් භාරකාර අරමුදලේ නියෝජිතයින් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

හදට හදක් භාරකාර අරමුදලේ නියෝජිතයින් සදුදා (අගෝස්තු 19) දින සාකච්චාවක් සදහා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා ආරක්‍ෂක අමාත්‍යාංශයේදී හමුවිය.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

ආරක්‍ෂක ලේකම් නැගෙනහිර සංචාරයක

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අද (අගෝස්තු 10) දින නැගෙනහිර ප්‍රදේශයේ ආරක්‍ෂක හමුදා ස්ථානගතවීම සහ වත්මන් තත්වය පිළිබඳව පරීක්ෂා කර බැලීමේ අරමුණින් සංචාරයක නිරත විය. ආරක්‍ෂක ලේකම් ධුරයට පත්වීමෙන් පසු නැගෙනහිර කලාපයේ සිදු කල පළමු නිල සංචාරයයි.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එම නියෝජිතයින් ආරක්ෂක ලේකම් හමුවෙයි

ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් සඳහා නියෝජිත කණ්ඩායමක් ඊයේ (අගෝස්තු 08) දින සවස ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමු විය.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

ආරක්‍ෂක ලේකම් දේශීය ගුවන් සේවා අංශ නියෝජිතයින් හමුවෙයි

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා සහ පෞද්ගලික ගුවන් යානා හිමිකරුවන් සහ ක්‍රියාකරුවන් ඇතුළු දේශීය ගුවන් සේවා අංශය නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ (අගෝස්තු 08) දින සවස අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

නවසීලන්ත මහ කොමසාරිස්වරිය ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නවසීලන්ත මහ කොමසාරිස්වරිය වන ජොආනා කෙම්ප්කර්ස් (H E Mrs. Joanna Kempkers) මහත්මිය අද (අගෝස්තු 07) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

ආරක්‍ෂක ලේකම් මහනුවර ඇසල පෙරහැර ආරක්‍ෂක තත්වය සොයා බැලීමේ සංචාරයක

හෙට සිට ඇරඹෙන ඇසල පෙරහැරේ උපරිම ආරක්‍ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ආරක්‍ෂක ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා පැවසීය


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

ඇසල පෙරහැර සඳහා විශේෂ ආරක්‍ෂක විධිවිධාන යෙදවීමට පියවර

මහනුවර වාර්ෂික ඇසල පෙරහැර සමයේදී ජනතාවගේ සහ ස්ථානයන්හි උපරිම ආරක්ෂාව සහතික කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග සහ, ඕනෑම තර්ජනයකට හෝ සිදුවීමකට මුහුණ දීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විසින් උතුම් ආගමික කටයුත්තක් වන පෙරහැර දිනයන්හිදී සාමූහිකව ක්‍රියාත්මක විය යුතු බවත් මේ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් විශේෂ උපදෙස් නිකුත් කර ඇති බව


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

මව් රෙජිමේන්තුවෙන් ආරක්‍ෂක ලේකම්තුමන්ට උපහාර

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අද (ජුලි 27) දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ (SLLI) සිදු කල සංචාරයේදී මව් රෙජිමේන්තුවෙන් එතුමන් වෙත ආචාර පුද කරන ලදී.