පුවත් කෙටියෙන්
රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දේ
රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (නොවැ. 26) දිවුරුම් දුන්නේය.
පසුගිය පැය 24 තුළ කොරෝනා වෛරසයෙන් සුවය ලැබූවන් 485 ක්
පසුගිය පැය 24 තුළ තහවුරු කර ගත් කොරෝනා ආසාදිතයින් 502 ක් සමඟ දිවයිනේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 21,460 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
“නිවාර්” සුළි කුණාටුවේ බලපෑම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයට ඉහළින් සක්‍රියව ඇති “නිවාර්” සුළි කුණාටුව දරුණු සුළි කුණාටුවක් බවට පත්ව ඇති අතර එය ඊයේ (24) පැය 2330 ට (10.1N, 82.1E) ආසන්නයේ , කන්කසන්තුරය වෙරළට කි.මී. 230 ක් පමණ දුරින් නැගෙනහිර දෙසින් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (නොවැ. 24) නිකුත් කළ කාලගුණ වාර්තාවේ සඳහන් වේ.
ඊයේ දිනට (24) PCR පරීක්‍ෂණ 7,467 ක්
පසුගිය පැය 24 තුළ තහවුරු කර ගත් කොරෝනා ආසාදිතයින් 458 ක් සමඟ දිවයිනේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 20,967 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
නැගෙනහිර, උතුරු සහ උතුරු-මැද පළාත්වල ඉතා තද සුළං පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි
නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත දැඩි අව පීඩන තත්වයක් හා (10.0N, 83.3E) එය කේන්ද්‍රගත වී ඇත්තේ ත්‍රිකුණාමලයේ වෙරළට ඊසාන දෙසින් කි.මී. 280 ක් පමණ දුරින් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (නොවැ. 24) නිකුත් කළ කාලගුණ වාර්තාවේ සඳහන් වේ.
නීතිවිරෝධී කහ කිලෝග්‍රෑම් 330 ක් යුද හමුදා භටයන්ගේ අත්අඩංගුවට
වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පේසාලේ සිට උප්පුකුලම් දක්වා ප්‍රවාහනය කළ කහ කිලෝග්‍රෑම් 330 ක් සමඟ සැකකරුවෙකු හා වාහනයක් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ දිනට (23) PCR පරීක්‍ෂණ 10,679 ක්
අද උදෑසන (නොවැ. 24) තහවුරු කර ගත් කොරෝනා ආසාදිතයින් 337 ක් සමඟ දිවයිනේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 20,507 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුවන්නන් ආපදා සඳහා ඔවුන්ගේ සූදානම පෙන්නුම් කරයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානය විසින් දින 40 ක් පුරා පැවති ආපදා කළමනාකරණ පුහුණු පාඨමාලාව අවසන් කිරීමෙන් පසු ආපදා සඳහා සිය පුහුණුව පිළිබඳ නිපුණතාව ඔවුන් ඊයේ (නොවැ. 22) කොත්මලේ දී ප්‍රදර්ශණය කළේය.
ඉරිදා (21) PCR පරීක්‍ෂණ 12,095 ක්
ඊයේ සවස (නොවැ. 22) දින හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් 400 ක් සමඟ දිවයිනේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 20,171 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
නව අමාත්‍යාංශ දෙකක් ගැසට් කෙරේ
නව අමාත්‍යාංශ දෙකක් පිහිටුවන අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ අනුව, ‘මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය’ සහ ‘තාක්‍ෂණ අමාත්‍යාංශය’ අලුතින් ගැසට් කරන ලද අමාත්‍යාංශ දෙක වනු ඇත.
බෙංගාල බොක්කේ අඩු පීඩන ප්‍රදේශයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි
ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන ප්‍රදේශයක් දක්වා වරධනය ඇති වී ඇති බවත්, ඉදිරි පැය 24-48 තුළ එය තවදුරටත් අවපාතයක් දක්වා තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (නොවැ. 22) නිකුත් කළ කාලගුණ වාර්තාවේ සඳහන්වේ.
හුදකලාවූ ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා හෙට (23) සිට ඉවතට
කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල, වැල්ලම්පිටිය, කොළඹ කොටුව සහ කොම්පඤ්ඤවීදිය යන පොලිස් බලප්‍රදේශ සඳහා පනවා තිබූ හුදකලා තත්වය හෙට (23) පෙ.ව. 5 සිට ඉවත් කරන බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව පවසයි.
නාවික හමුදාව සහ පොලිසිය විසින් නීති විරෝධී භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගැනේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු මැද නාවික විධානය සහ මන්නාරම් පොලිසිය එක්ව වියළි කහ කිලෝග්‍රෑම් 710 ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 3 යි ග්‍රෑම් 700 කට අධික ප්‍රමාණයක් හා සැකකරුවන් 02 දෙනෙකු සමඟ මන්නාරමේ එරුක්කලම්පිඩ්ඩි වෙරළ තීරයේ දී නොවැම්බර් 20 වන දින අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
සෙනසුරාදා (21) PCR පරීක්‍ෂණ 10,514 ක්
ඊයේ සවස (නොවැ. 21) දින හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් 491 ක් සමඟ දිවයිනේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 19,771 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
ජනාධිපති රාජපක්‍ෂ මහතා විසින් ‘හුස්ම දෙන තුරු’ජාතික වැඩසටහන බත්තරමුල්ල දී ආරම්භ කරන ලදි
‘හුස්ම දෙන තුරු’ ජාතික ව්‍යාපෘතිය ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ජයවර්ධනපුර යුද හමුදාව විසින් ඉදිකරන ලද ඇවිදින මංතීරුව ආසන්නයේ සඳුන් පැලයක් රෝපණය කරන ලදි.
රණවිරුවන් සඳහා යුද හමුදාවෙන් නව නිවාස හතරක්
ශ්‍රී ලංකා පාබල හමුදාවේ විරෝදාර රණවිරුවන් සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් එම රෙජිමේන්තුව විසින් දියත් කරනු ලබන නිවාස 20 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම් කටයුතු අවසන් කළ තවත් නිවාස හතරක යතුරු පසුගියදා භාර දෙන ලදි.
යුද හමුදාව මහා පරිමාණ ‘යෝගට්’ නිෂ්පාදනය අරඹයි
ශ්‍රී ලංකා යුධ හමුදා පාබල ඒකකය විසින් පනාගොඩ පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ‘ගැලන්ට්’ යෝගට් සහ කිරි ආශ්‍රිත නිෂ්පාදනාගාරය අද (19) දින සන්ධ්‍යාවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් විවෘත කෙරිණි.
නාවික හමුදාව සහ පොලිසිය විසින් නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීමක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු මැද නාවික විධානය මගින් නොවැම්බර් 18 වන දින මන්නාරම පොලීසිය හා එක්ව මන්නාරම, කරිසාල් ප්‍රදේශයේ සිදුකල මෙහෙයුමකදී විකිණීම සඳහා සූදානම් කර තිබූ අයිස් (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 49 මිලි ග්‍රෑම් 490ක පමණ ප්‍රමාණයක් සහ හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 440ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
ජාතිය ගොඩනැගීමේ කාර්යයන් සඳහා යුද හමුදාවේ නව ඒකකයක් ස්ථාපිත කෙරේ
බහුවිධ හා බහුමුහුණුවර ඒකකයක් වන ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකායට ඊයේ (18) දින බලසේනා තුනකින් සමන්විත නවතම පළමු යුද හමුදා ඉංජිනේරු අංශය එක්විය.
ඊයේ (18) දිනට කොරෝනා අසාදිතයින් 327 ක්
ඊයේ (නොවැ. 18) දින හඳුනාගෙන ඇති කොරෝනා අසාදිතයින් 327 ක් සමඟ දිවයිනේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 18,402 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් වල රැදී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමජිකයින්ගෙන් විශේෂ ප්‍රජා සේවා ව්‍යාපෘති
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් වල රැදී සිටින ගුවන් සේවා ඒකකයේ 4 වන කණ්ඩායම මගින් නොවැම්බර් 16 වන දින අකෝබෝ හි පිහිටි ළමා නිවාසයේ විශේෂ ප්‍රජා සේවා ව්‍යාපෘතියක් දියත් කරන ලදී.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) රාත්‍රී 8.30 ට ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස එතුමා දිවුරුම් දී අදට වසරක් ගෙවී තිබේ.
අඟහරුවාදා (17) PCR පරීක්ෂණ 8,743 ක්
ඊයේ (නොවැම්බර් 11) PCR පරීක්ෂණ 8,743 ක් සිදුකර ඇති අතර හඳුනාගෙන ඇති කොරෝනා වෛරසය ආසාදිතයින් 401 ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මිලිමීටර 50 ට වඩා තරමක් තද වැසි අපේක්ෂා කෙරේ - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ වාර්තාව අද (නොවැ. 18) නිකුත් කරමින් කියා සිටියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල දහවල් හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
යුද හමුදාව එක් දිනක් තුළ නැගෙනහිර පළාතේ පැළ 100,000 ක් සිටුවයි
යුද හමුදාවේ නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් එක් දිනක් තුළ නැගෙනහිර පළාතේ දුර්ලභ බීජ පැල 100,000 ක් රෝපණය කළේය. පවත්නා වැසි සමය මෙම ව්‍යාපාරය සාර්ථක කර ගැනීම සඳහා සුදුසු පරිසරයක් ලබා දෙනු ඇත.