පුවත් කෙටියෙන්
අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය (PTF) ඇමතීම සඳහා ක්‍ෂණික ඇමතුම් අංක
අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය (PTF) මහජනතාවට තොරතුරු ලබා ගැනීම ...
නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ තවත් 300 දෙනෙකු සිය නිවෙස් බලාපිටත් වෙයි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පවත්වා ගෙන යන ලද නිරෝධායන මධ්‍යස්ථානයන්හි දින 14 ක නිරෝධායන ක්‍රියාවලියට භාජනයවු 300 දෙනෙකු සිය නිවෙස් බලා පිටත්විය.
තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිත ආයතනය විසින් රාජ්‍ය ආයතනවලට වීඩියෝ සම්මන්ත්‍රණ තාක්‍ෂණය හඳුන්වා දෙයි
ආරක්‍ෂක අමාත්‍යාංශයට අයත් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිත ආයතනය (ICTA) විසින් රාජ්‍ය ආයතන තුල සේවා කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීම සඳහා සිය සේවකයින් සම්බන්ධ කර ගැනීම පිණිස විවෘත මූලාශ්‍ර තාක්‍ෂණයන් මත පදනම් වූ වීඩියෝ සම්මන්ත්‍රණ යෙදුමක් හඳුන්වා දී ඇත.
COVID-19 අන්තරාය අඩු වූ පසු විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට පැමිණීම සඳහා සිදුකරන ලද ඉල්ලීම් පිළිබඳව සලකා බලන බව රජය පවසයි
COVID-19 අවදානම දේශීය හා ගෝලීය වශයෙන් අඩු වීමෙන් පසු නැවත මෙරටට පැමිණීම සඳහා ශ්‍රී ලාංකික සිසුන්, ව්‍යාපාරිකයින් සහ විදෙස් ශ්‍රමිකයින් කිහිප දෙනෙකු විසින් කරන ලද ඉල්ලීම් සලකා බලන බව රජය පවසයි.
කාර්ය සාධක බලකාය විසින් ගෙයින් ගෙට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම ආරම්භ කරයි
අත්‍යවශ්‍ය ආහාර හා අනෙකුත් භාණ්ඩ බෙදා හැරීම කළමනාකරණය සඳහා වූ කාර්ය සාධක බලකාය විසින්,ගෘහස්ථව රැඳී සිටින්නන් හට අත්‍යවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීම සඳහා අඛණ්ඩව ගෙන් ගෙට භාණ්ඩ සැපයුම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර ඇත.
නිරෝධායනයෙන් පසු 501 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිවෙස් කරා පිටව යයි.
ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට පැමිණ පූනානි,කන්දකාඩු සහ දියතලාව නිරෝධායන මධ්‍යස්ථාන වල දින 14 ක කාලයක් නිරෝධායනට භාජනය වූ තවත් 501 දෙනෙකු අද (27)දින උදෑසන ආපසු සිය නිවෙස් කරා පැමිණියහ.
නිවසේ සිට වැඩ කරන කාල සිමාව අප්‍රේල් මස 03 දක්වා දීර්ඝ කෙරේ.
දිවයින පුරා ව්‍යාප්තව පවතින කොරෝනා -19 වෛරසය පැතිරීම වැළැක්වීමේ අරමුණින් රජය නිවසේ සිට වැඩ කරන කාල සිමාව මාර්තු මස 30 වන දා සිට 2020 අප්‍රේල් මස 03 වන දින දක්වා දීර්ඝ කර ඇත.
ශ්‍රි ලංකා නාවික හමුදාව වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ බෝවන රෝග ඒකකය ප්‍රතිසංස්කරණය කරයි
ශ්‍රි ලංකා නාවික හමුදාව වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ බෝවන රෝග ඒකකය ප්‍රතිසංස්කරණය කරයි.මෙය රටපුරා පැතිර පවත්නා කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම පිණිස ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් දියත් කරනු ලැබු තවත් එක් ව්‍යාපෘතියකි.
නිරෝධායනයට ලක්වූ දෙවන කණ්ඩායම අද තම නිවෙස් බලා පිටත්වෙයි
කන්දකාඩු සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන ක්‍රියාවලියට භාජනය වූ විදෙස් රටවල සිට මෙරටට පැමිණි 201 දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩායම අද (මාර්තු 25)දින උදෑසන සිය නිවෙස් බලා පිටත් විය.
බස්නාහිර පළාතේ නව ආණ්ඩුකාර ධුරයට හිටපු ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රධානී රොෂාන් ගුණතිලක
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති මාෂල් ඔෆ් ද එයාර් ෆොස් රොෂාන් ගුණතිලක පත් කර තිබේ.
නිරෝධායනය සදහා පැමිණි පළමු කණ්ඩායම දින 14 ක නිරෝධායනය අවසන් කර සිය නිවෙස් බලා පිටත් වේ
කොරෝනා වෛරසය පැතිරී ඇති රටවල සිට මෙරටට පැමිණි 311 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (මාර්තු 24) දින හමුදා නිරෝධායන මධ්‍යස්ථානවල දින 14 ක නිරෝධායනය සම්පූර්ණ කිරීමෙන් පසු සිය නිවෙස් බලා පිටත්ව ගියහ.
රණවිරු ඇපරල්ස් වෛද්‍යවරුන් සඳහා මයික්‍රෝ ෆයිබර් ඇඳුම් කට්ටල නිෂ්පාදනය කිරීම ආරම්භ කරයි
ශ්‍රි ලංකා යුද්ධ හමුදා ‘රණවිරු ඇපරල්’ ඇගළුම් ආයතනය විසින් වෛද්‍ය කණ්ඩායම්වලට ප්‍රතිකාර කිරීමේදී සහ ආසාධිත පුද්ගලයින්ගේ නිරෝධායන කටයතු සිදුකිරීමේදී භාවිතා කළ හැකි පා ආවරණ සහිත මයික්‍රෝ ෆයිබර් ඇඳුම් කට්ටල නිෂ්පාදනය ආරම්භ කර ඇත.